සහනාධාර එපා : සැප වාහන දෙන්න – SB ප්‍රසිද්ධියේ කියයි

විදුලිය ඉන්ධන ජලය ගෑස් ආදිය සඳහා සහනාධාර දෙනවාට තමන් විරුද්ධ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක සඳහන් කර සිටිනවා.

තමන් භාවිතා කරන විදුලිය ඉන්ධන ගෑස් වලට තමන් ගෙවිය යුතු බවත් වෙන කිසිවෙකු මුදල් ගෙවිය යුතු නැති බවයි මෙහිදී මන්ත්‍රීවරයා පැවසුවේ.

සහනාධාර දීම යනු තමන් භාවිතා කරන විදුලිය ඉන්ධන ජලය ගෑස් සඳහා වෙන කිසිවෙකු මුදල් ගෙවීම බවත් ඔහු සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.

‘මන්ත්‍රීවරුන්ට වාහන ඕන දෙයියනේ. මන්ත්‍රිවරුන් හැම මඟුල් ගෙදරම යන්න ඕනෑ හැම මළ ගෙදර යන්න ඕනෑ. මේක හරි අසාධාරණයි’ යයිද ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?