සල්ලි ලොකු වී සහෝදරයෝ දෙදෙනා මස්සිනා මරලා

තියුණු ආයුධයකින් පහර දී ඊයේ (02) රාත්‍රියේ පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව මිල්ලනිය පොලිසිය පවසනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මිල්ලනිය, කිම්මන්තුඩාව ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි එක්දරු පියෙක් බවයි වාර්තා වුණේ.

මෙම ඝාතනය සිදුකර ඇත්තේ ඔහුගේ බිරිඳගේ බාල සහෝදරයින් දෙදෙනා වන අතර, ඔවුන් ඊයේ (02) රාත්‍රියේම පොලීසියට භාර වී ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

පිහියකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති අතර, මුදල් ගනුදෙනුවක් මත ඇති වූ ආරවුලක් මෙම පහරදීමට හේතු වී ඇති බවයි මෙතෙක් සිදුකළ විමර්ශන වල දී අනාවරණය වී ඇත්තේ.

පිහි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා කැපුම් තුවාල ද සහිතව යතුරුපැදියකින් කිලෝමීටර් තුනහමාරක් පමණ දුරින් පිහිටි පොලිසිය අසලට පැමිණ ඇති අතර, එහිදී පොලිසියේ මැදිහත් වීමෙන් ඔහු හොරණ මූලික රෝහලට ඇතුලත්කර තිබෙනවා.
එහිදී ඔහු මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අද (03) හොරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
8
+1
2
+1
1
+1
14
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38
Video thumbnail
වන අලි කරදර නිසා දඹුල්ලේ මිනිස්සු කුපිත වී මහ පාරට බහියි - වනජීවි එක සම්පූර්ණ බොරු බයිලා ග#හන්නේ
06:42
Video thumbnail
ඇඟිල්ලේ තීන්ත ආලේපනය අහෝසි කිරීම නිසා විශාල මුදලක් ඉතිරි කරන්න පුළුවන් - පැෆ්‍ රල් සංවිධානය කියයි
10:28
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
08:41:22
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා
00:46
Video thumbnail
හදිසියේම නාමල් හමුවූ ප්‍රබලයා
00:43
Video thumbnail
වෑන් රථයක් - ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර
00:41