සරසවි සිසුවා පැදවූ මොටෝරියක් තිදෙනෙකුගේ ගැටී අනතුරක්

විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු පැදවූ මෝටර් රථයක් හොරණ – බොරළුගොඩ ප්‍රදේශයේ දී පදිකයින් ලෙස ගමන් කරමින් සිටි එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙක් ඇතුළු තිදෙනෙකුගේ ගැටීමෙන් ඔවුන් තුවාල ලබා හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබෙනවා.

තුවාල ලැබූවන් කළුතර – නාගොඩ සහ හොරණ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

හොරණ – රත්නපුර මාර්ගයේ බොරළුගොඩ ප්‍රදේශයේ දී ගුරුවරියක් වූ සිය මව ඌරුගල ප්‍රදේශයේ පාසලකට ඇරලීම සඳහා සැකකාර විශ්වවිද්‍යාල සිසුවා මෝටර් රථය පදවාගෙන යමින් සිටියදී මාර්ගයේ වම්පස පා ගමනින් යමින් සිටි තුවාල ලද තිදෙනාගේ ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

මෝටර් රථය කඩා වැදීමත් සමගම ඔවුන් තිදෙනා මීටර් 12 ක් පමණ ඈතට විසි වී ඇති අතර මෝටර් රථය මීටර් 50 ක් ඈතට ධාවනය වී නැවතී තිබෙනවා.

රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

තුවාල ලද සහෝදරියන් දෙදෙනා බොරලුගොඩ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවකට රැකියාව සඳහා යන පළමු දින ඊයේ (01) දිනයේ දී මෙම අනතුරට මුහුණපා තිබෙනවා.

තුවාල ලැබූවන් ගුරුගොඩ – මල්බෙරිගම සහ පහුරුගොඩ – පනන්ගල පදිංචි පදිංචිකරුවන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?