සරසවි සිසුවා පැදවූ මොටෝරියක් තිදෙනෙකුගේ ගැටී අනතුරක්

විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු පැදවූ මෝටර් රථයක් හොරණ – බොරළුගොඩ ප්‍රදේශයේ දී පදිකයින් ලෙස ගමන් කරමින් සිටි එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙක් ඇතුළු තිදෙනෙකුගේ ගැටීමෙන් ඔවුන් තුවාල ලබා හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබෙනවා.

තුවාල ලැබූවන් කළුතර – නාගොඩ සහ හොරණ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

හොරණ – රත්නපුර මාර්ගයේ බොරළුගොඩ ප්‍රදේශයේ දී ගුරුවරියක් වූ සිය මව ඌරුගල ප්‍රදේශයේ පාසලකට ඇරලීම සඳහා සැකකාර විශ්වවිද්‍යාල සිසුවා මෝටර් රථය පදවාගෙන යමින් සිටියදී මාර්ගයේ වම්පස පා ගමනින් යමින් සිටි තුවාල ලද තිදෙනාගේ ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

මෝටර් රථය කඩා වැදීමත් සමගම ඔවුන් තිදෙනා මීටර් 12 ක් පමණ ඈතට විසි වී ඇති අතර මෝටර් රථය මීටර් 50 ක් ඈතට ධාවනය වී නැවතී තිබෙනවා.

රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

තුවාල ලද සහෝදරියන් දෙදෙනා බොරලුගොඩ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවකට රැකියාව සඳහා යන පළමු දින ඊයේ (01) දිනයේ දී මෙම අනතුරට මුහුණපා තිබෙනවා.

තුවාල ලැබූවන් ගුරුගොඩ – මල්බෙරිගම සහ පහුරුගොඩ – පනන්ගල පදිංචි පදිංචිකරුවන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56