සරසවි දෙකකට අලුත් ප්‍රධානීහු පත්වීම් ලබති

නැගෙනහිර විශ්ව විද්‍යාලයට නව කුලපතිවරයා ලෙස මහාචාර්ය එම්. සෙල්වරාජා පත්කර තිබෙනවා.

එමෙන්ම ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ නව උප කුලපතිවරයා ලෙස රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ආර්. වික්‍රම සෙනෙවිරත්න පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ පත්වීම් ලිපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නව කුලපතිවරයා සහ උප කුලපතිවරයා වෙත අද (07) පෙරවරුවේ භාරදුන් බවයි ජනාධිපති මධ්‍ය අංශය සඳහන් කළේ.