Rajapura Handi Oil
Rajapura Diabetic Powder

සරසවි තුළ ඩෙංගු පැතිරීම වැළැක්වීම පිළිබඳ මාර්ගෝපදේශය එළිදැක්වීම හෙට

මෙරට සියලු විශ්වවිද්‍යාල සඳහා ඩෙංගු රෝගය නිරීක්ෂණය සහ වැළැක්වීම පිළිබඳ සායනික කළමනාකරණ හා සම්මත මාර්ගෝපදේශයක් හඳුන්වා දී තිබෙනවා.

එම මාර්ගෝපදේශය හෙට (20) එළිදක්වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

විශ්වවිද්‍යාල තුළ ඩෙංගු රෝගය කල්තියා හඳුනාගැනීම, රෝගීන් නිසි පරිදි කළමනාකරණය කිරීම, රෝග නිරීක්ෂණය ශක්තිමත් කිරීම සහ ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්වීම සඳහා විධිමත් ක්‍රියාමාර්ග හඳුන්වාදීම මෙහි අරමුණ වී තිබෙනවා.

ඩෙංගු රෝගය ව්‍යාප්තවීම හේතුවෙන් පසුගිය දිනවල විශ්වවිද්‍යාල කිහිපයක්ම වසා දැමීමට සිදු වුණා.