සරත් සරත් මේවට උත්තර දෙන්න සරත් – වීඩියෝ

තමන් හරිහම්බ කරගෙන කන රස්සාව නැතිවුණොත් ඒක මුළු පවුලකමට බලපානවා.

සමහර වෙලාවට ඒ ගන්න වැටුපෙන් පුංචි දරුවෝ පවා යැපෙනවා.. අධ්‍යාපනය ලබනවා.

ඒ විදිහට පවුලක බර කරට අරගෙන සිවිල් ආරක්ෂක සේවයට එකතු වුණු නිලධාරියෙකුට හදිසියේම තමන්ගේ රැකියාව අහිමි වීමේ පුවතක් අපිට වාර්තා වුණා.

ඔහු මිනුවන්ගොඩ පොලිසියේ සේවයේ යෙදී ඉද්දි ඉහළ නිලධාරියෙකුගේ පෞද්ගලික උවමනාවකට ඔහුගේ රැකියාව අහිමිවුණා කියලයි මෙම නිලධාරියා කියන්නේ.

ඒ වගේම ඒ අවස්ථාවේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව භාරව ඉදලා තියෙන්නේ මේ වෙද්දි මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර ඇමතිවරයා.

කොහොම වුණත් මොහු ඉල්ලා සිටින්නේ ඔහුට සාධාරණයක් ඉටු කර රැකියාව නැවත ලබාදෙන ලෙසයි..

වීඩියෝව පහතින්…

https://www.youtube.com/watch?v=NyVn_d3qLLc


අපගේ නවතම වීඩියෝ පුවත්