spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සයිකල් පදිමින් සිටි පාසල් සිසුවෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට

උස්සාපිටිය – උතුවන්කන්ද මාර්ගයේ දාස්වත්ත පාලම ආසන්නයේ සිදු වූ අනතුරකින් පාසල් සිසුවෙක් ඊයේ (23) අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 13 හැවිරිදි වියේ පසු වූ සනත් දිනුවර නැමැති පාසල් සිසුවෙක් බවයි මාවනැල්ල පොලිසිය සඳහන් කළේ.

මෙම සිසුවා ඊයේ (23) හවස සිය නිවස ආසන්නයේ මාර්ගයේ බයිසිකල් පදිමින් සිටිය දී විදුලිබල මණ්ඩලයේ උප කොන්ත්‍රාත් සමාගමක ලොරි රථයක ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් බරපතළ තුවාල ලබා සිටි සිසුවා මාවනැල්ල මූලික රෝහල වෙත ගෙන යන විට මියගොස් ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

අනතුර සම්බන්යෙන් ලොරි රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
9
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?