සමීරගේ රෙදි ගැලවුණ දැන්වීම හැදුවේ කතක්!

පසුගිය දිනවල ආන්දෝලනාත්මක ඝාතන සිද්ධියක් බවට පත්වූ උප පොලිස් පරීක්ෂකවරයෙක් විසින් තරුණියකගේ ගෙලකපා ඝාතනය කර හිසනැති කඳ සූට් කේසයක දමාගෙන විත් කොටුව වේල්ලවීදියේ අතහැර යාමේ සිද්ධිය සම්බන්ධකර ගනිමින් වාහන වෙළඳ දැන්වීමක් දැමූ වාහන සේල් එකක හිමිකරුවෙක් මේවන විට සමාජා ජාල තුළ බරපතල විවේචනයට ලක්ව තිබේ.

සමීර ඔටෝ ට්‍රේඩර්ස් (Sameea Auto Traders) නැමැති වාහන සේල්එක ජනප්‍රිය කිරීමේ අරමුණෙන් “බෑග්එකෙන් යනවද කාර්එකෙන් යනවද” යැයි අසමින් අදාළ දැන්වීම අන්තර් ජාලය තුළ පලකර තිබිණි.

නොම්බර 82A පාගොඩපාර නුගේගොඩ යන ලිපිනයේ පවත්වාගෙන යන අදාළ වාහන අලෙවි සැලේ හිමිකරුවන්නේ සමීර වීරවර්ණ නැමැත්තෙකි.

පසුගිය මාර්තු 02 වැනිදා රජයේ ඩේලි නිවුස් පුවත්පත වෙත අදහස් දක්වමින් වීරවර්ණ මහතා කියා තිබුණේ වසර තුනක් පමණ පැරණි සිය ව්‍යාපාරයේ අලෙවිය 40%කින් වර්ධනය කර ගැනීමට අදහස් කර ඇති බවයි.

එසේ පැවසීමෙන් දින කිහිපයකට පසුව සමාජ මාධ්‍ය තුළ පිළිකුලට ලක්වූ අදාළ දැන්වීම පලකර තිබිණි.

සමීර මේ දැන්වීම තමා දැනුවත්ව නිර්මාණය කරන ලද්දක් බව මේ වන විට පිළිගෙන තිබේ.

දැන්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවීමෙන් පසුව එය ඔහු විසින් ඉවත්කරගත් බවද ඔහු කියා සිටී. ඒ අතර, අදාළ දැන්වීම නිර්මාණය කර ඇත්තේ කාන්තාවක් විසින්වීමද විශේෂ සිද්ධියකි. නුගේගොඩ පිහිටි Rabbit නැමැති දැන්වීම් ආයතනය විසින් මේ දැන්වීම සමීරට නිර්මාණය කර දී තිබේ.

මිනිසුන්ගේ වේදනාව විකුණන් කණ පාහර දැන්වීමක් – සුනන්ද දේශප්‍රිය

ප්‍රවීණ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා මේ දැන්වීම හඳුන්වා තිබුණේ “මිනිස්සුන්ගේ වේදනාව විකුණන් කන පාහර දැන්වීමක්” ලෙසයි.

ඔහු වැඩිදුරටත් මෙසේ සඳහන් කර තිබිණි.

Car Sunanda

මෙසේ පලකර තිබූ දැන්වීමට සමාජ මාධ්‍ය තුළ එල්ල ව තිබූ විවේචන කිහිපයක් පහත දැක්වේ.

Car Sunanda 1
Car Sunanda 2
Car Sunanda 3
Car Sunanda 4

sinhala.srilankamirror.com



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09
Video thumbnail
චීවරය ගැන කට ඇරිය රාජිත - බුදුහාමුදුරුවෝ ගියේ නෑ රාජමාළිගාවලට..විලිලැජ්ජා නැති කතාද මේ
05:21
Video thumbnail
රාජ්‍ය බැංකුවේ මුදල් පෞද්ගලික ගිණුමට දාගත්ත පුද්ගලයට වසර 35ක සිරදඬුවම්
02:20
Video thumbnail
මහ රෑ නිවසට කඩා පැන්න අලියා කරපු දේ - පලයන් අප්පච්චි මගේ..පලයන් - හොඳ දෙයියනේ..
03:51
Video thumbnail
"අපි හැමෝම අතින් සුළු සුළු වැරදි වෙනවා" ඥානසාර හිමිට නිදහස පතා අත්සන් දස ලක්ෂයේ වැඩසටහන කළුතරදී
01:43
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ හිමිවරුන් - සමහර රජයන්ට ස්වාමීන්වහන්සේලා හරිම අප්‍රියයි
06:19