AFC Banner
Empty Ad
Empty Ad

සමාව ඉල්ලූ පැරිස් ඔලිම්පික් සංවිධායකයින්

විශ්වයේ මහා ක්‍රීඩා සැණකෙළිය, 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දෙවන දිනය ඊයේ සාර්ථක ලෙස නිමාවට පත් වුණා.

ක්‍රීඩා උළෙලේ දෙවන දිනය නිමාවට පත්වන විට පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට ජපානය සමත් වුණේ රන් පදක්කම් 04ක් සමඟ සමස්ත පදක්කම් 07ක් දිනාගනිමින්.

පදක්කම් සටහනේ දෙවැනි තැන මේ වනවිට ඕස්ටේර්ලියානු කණ්ඩායම පසුවන්නේ රන් 04ක් සහ රිදී 02ක් ලෙස පදක්කම් 06ක් තම පදක්කම් ගොන්නට එක්කර ගනිමින්.

මේ අතර පැරිස් ඔලිම්පික් සංවිධායකයින් විසින් සමාව ඉල්ලා විශේෂ ප්‍රකාශයක් මේ වනවිට නිකුත්කර තිබෙනවා.

ඒ, පිරිමි පැසිපන්දු තරගාවලියේ දකුණු සුඩානය සහභාගී වූ තරගය ආරම්භයට පෙර, දකුණු සුඩාන ජාතික ගීය වෙනුවට සුඩානයේ ජාතික ගීය ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන්.

මෙලෙස වැරදි ජාතික ගීය ප්‍රචාරයවීමත් සමඟ තරග නැරඹීමට පැමිණ සිටි ප්‍රේක්ෂකයින් ඊට විරෝධය පා ඝෝෂාකාරී ලෙස හැසිරුණා.

වහාම සිදු වූ වරද නිවැරදි කරගත් සංවිධායකයින් පසුව දකුණු සුඩාන ජාතික ගීය වාදනය කිරීමට කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
8
+1
2
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?