සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවට අදාළ සැකකරු රිමාන්ඩ්

කොළඹ කොටුව, ගාලූ මුවදොර ප්‍රදේශයේදී පුද්ගලයෙක්ට පිරිසක් විසින් පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් පසුගිය දින කිහිපයේදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

එම වීඩියෝ දර්ශණය සම්බන්ධයෙන් කොටුව පොලිස් ස්ථානය මඟින් සිදුකළ විමර්ශනයේදී පුද්ගලික මගී ප්‍රවාහන සේවයට අයත් බස් රථයක කොන්දොස්තරවරයෙක් සහ තවත් පුද්ගලයෙකු විසින් බස් රථයේ ගමන් ගන්නා ලද මගියෙක්ට ටිකට් පතට අදාළ මුදල සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙසේ පොල්ලකින් පහරදීම සිදු කර ඇති බවට අනාවරණය වී තිබෙනවා .

ඒ අනුව, ඊයේ (03) දින කොටුව බස් නැවතුම්පොලේදී කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම පහරදීම සම්බන්ධව සැකකරුවක් වන අදාළ බස් රථයේ කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 35 ක් වන පානදුර තිරිබේරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ
.
සැකකරු අද (04) වන අද දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

කොටුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
12
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?