මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට ඛණිජ තෙල් හිඟයක් ඇති විය හැකි බවට වන විවිධ ව්‍යාජ හා නොමඟ යවන සුළු පුවත් සමාජ මාධ්‍ය තුළ සංසරණය වීම පිළිබඳ ව බලශක්ති අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ දැක්වෙන්නේ, කිසිදු ලෙසකින් මැදපෙරදිග යුද්ධය නිසා තෙල් හිඟයක් ඇති නොවන බවයි.
ඉදිරි මාස දෙකකට අවශ්‍ය තෙල් තොග ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ඇති බවත්, ඉදිරියට ඇනවුම් කරන ලද තෙල් තොග ගැටළුවකින් තොරව ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සැළසුම් කර ඇති බවත්, එබැවින්, ඉහත ආකාරයේ ව්‍යාජ හා නොමඟ යවන සුළු ප්‍රවෘත්තිවලට නොරැවටෙන ලෙස බලශක්ති අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
+1
7
+1
1
+1
+1
2
+1





