ඔන්ලයින් සේවාවක් ලබා ගැනීමට ගිය මේජර්වරයාට නිරුවත් කර පහර දී මුදල් කොල්ලකයි

ඔන්ලයින් යෙදවුමක් හරහා සේවාවක් ලබා ගැනීමට අදාළ ස්ථානයට ගිය යුද හමුදා මේජර්වරයෙකුට එහි සිටි පුද්ගලයින් පිරිසක් විසින් පහර දී ඔහු සතු මුදල් කොල්ලකා තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ මොරටුව – කොරළවැල්ල ප්‍රදේශයේ පිහිටි පී.එම්. ප්‍රනාන්දු මාවතේ පිහිටි නිවසක දී බවයි මොරටුව පොලිසිය පැවසුවේ.

අදාළ මේජර්වරයා සේවාව ලබා ගැනීමට පෙරේදා දහවල් 12ට පමණ එම ස්ථානයට ගොස් තිබෙනවා.

පසුව එම මේජර්වරයාව නිවස තුළට කැඳවාගෙන යාමට එහි සිටි වයස අවුරුදු 16ක පමණ මෙවර සා/පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකු පැමිණ තිබෙනවා.

ඉන් අනතුරුව එම සිසුවා සමග නිවස තුළට ගිය මේජර්වරයාට මිනිත්තු කිහිපයකට පසුව එම ස්ථානයට පැමිණි අදාළ සිසුවාගේ සහෝදරයෙක් සහ යහළුවන් යැයි කියන පිරිසක් විසින් පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පහරදීම මේජර්වරයා හට ඔවුන් විසින් සිදු කරනු ලැබ ඇත්තේ නිරුවත් කර බවත් වාර්තා වනවා.

මේජර්වරයාව නිරුවත් කර; පහර දෙන ආකාරයේ දර්ශන එහි එක් අයෙකු විසින් වීඩියෝගත කර තිබෙනවා.

පසුව ඔවුන් තර්ජනය කර ඇත්තේ; අදාළ නිරුවත් දර්ශන ඇතුළත් වීඩියෝ පට සමාජ මාධ්‍යයට හෝ සේවය කරන කඳවුර වෙත යවන බවටයි.

එය නොකිරීමට නම් මුදල් ලබාදෙන ලෙස තර්ජනය කර තිබෙනවා.

පසුව මේජර්වරයාගේ සන්තකයේ තිබූ විද්‍යුත් බැංකු කාඩ්පත් සහ එහි තිබූ රුපියල් ලක්ෂ 02කකට ආසන්න මුදලක් ද කොල්ලකරුවන් විසින් කොල්ල කා ඇති බවයි හෙළි ව ඇත්තේ.

මෙලෙස කොල්ල කෑ මුදල; අදාළ සිදුවීමට අත පෙවූ පුද්ගලයින් අතර ද බෙදාගෙන තිබෙනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේජර්වරයා තමන්ට ඇති වන ලැජ්ජාව ගැන බිය වී, කිසිවක් පොලිසියට දන්වා නැහැ.

නමුත් අද උදෑසන මේජර්වරයා හට ලැබුණු දූරකථන ඇමතුමකින් තර්ජනය කර ඇත්තේ ඉහත සිදුවීමට එක් වූ තවත් තරුණයෙකු විසින්.

ඔහු පවසා ඇත්තේ අදාළ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත එක් කිරීමට පෙර මුදල් යළි ලබා දිය යුතු බවටයි.

නමුත් මේජර්වරයා මේ පිළිබඳ ව මොරටුව පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම්දී තිබෙනවා.

ඉන් අනතුරුවයි වහාම ක්‍රියාත්මක වු මොරටුව පොලිසිය මෙම සිදුවීම සිදු වූ ස්ථානයට ගොස් එහි සිටි, මෙවැනි ක්‍රියා සඳහා ආධාර අනුබල දුන් වයස අවුරුදු 18 හා 20 පසුවන අඹුසැමි යුවලක් අත් අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන්ගෙන් ලබාගත් තොරතුරු අනුව සිදුවීමට සම්බන්ධ තවත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් 07 දෙනෙකු ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් මීට පෙර අවස්ථා ගණනාවක දී ද මාර්ගගත යෙදවුම් හරහා මෙවැනි ව්‍යාපාරික කටයුතු සඳහා විවිධ පුද්ගලයින් කැඳවාගෙන, ඔවුන් නිරුවත් කර, දර්ශන ලබාගෙන පහර දී මුදල් කොල්ල කා තිබෙන බවටත් හෙළි ව තිබෙනවා.

මෙම මේජර්වරයා ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරන වයස අවුරුදු 37 පුද්ගලයකු බවටයි පොලිසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.

  1. කෙලින්ම කියන්න බැරිද ඉතින් එයා grindr ඒකෙන් හම්බෙලා රතිකෙලියේ යෙදෙන්න ගියේ කියලා 🤣



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18