ලෙජන්ඩ්ස් ලීග් ක්රිකට් තරගාවලිය යටතේ පැවැති 5 වැනි තරගයෙන් ඒෂියන් ලයන්ස් හමුවේ කඩුලු 7ක පහසු ජයක් ලැබීමට වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම සමත් විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එෂියන් ලයන්ස් කණ්ඩායම කඩුලු 7ක් දැවී රැස්කළ ලකුණු 149ක ඉලක්කය හඹා ගිය වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම පන්දුවාර 13කදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 152ක් රැස්කරමින් ජය සපුරා ගැණින.
ජයන්ට්ස් ජයග්රහණය කරා රැගෙන ගිය කෙවින් පීටර්සන් හයේ පහර 07ක් සහ හතරේ පහර 09ක් සමගින් පන්දු 38කදී ලකුණු 86ක් රැස්කරන ලදී. ඒ සඳහා සනත් ජයසූරිය විසින් යොමුකළ තරගයේ 6 වැනි පන්දුවාරයේදී 4, 6, 4, 4, 6 සහ 6 ලෙසින් පහර එල්ල කරමින් ලකුණු 30ක් රැස්කර ගැනීමද ඇතුළත් විය. අදාළ දක්ෂතාවය හේතුවෙන් තරගයේ වීරයා සම්මානය පීටර්සන් සතු විය.
කෙසේ නමුත් සනත් ජයසූරිය විසින් රැකගත් විශිෂ්ඨ උඩ පන්දුව හමුවේ ලකුණු 12ක් රැස්කරගෙන සිටි හර්ෂල් ගිබ්ස් පිටියෙන් ඉවත්විය.
පන්දු යැවීමේදී මුත්තයියා මුරලිදරන් ලකුණු 22කට කඩුලු 2ක් සහ නුවන් කුලසේකර ලකුණු 15කට කඩුල්ලක් වශයෙන් දවාලීය.
ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභීන් වූ අස්ගර් ඇෆ්ගන් ලකුණු 41ක්, උපුල් තරංග ලකුණු 22ක් සහ රොමේෂ් කලුවිතාරණ ලකුණු 26ක් වශයෙන් රැස්කරගනු ලැබූහ. ජයන්ට්ස් වෙනුවෙන් රයන් සයිඩ්බොටම් සහ මෝනි මෝර්කල් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.
මෙම තරගයේදී ශ්රී ලංකා ක්රීඩකයන් 08 දෙනකු ලයන්ස් කණ්ඩායම නියෝජනය කිරීම කැපී පෙනෙන කාරණයකි.