spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සතොස නඩුවෙන් ජොන්ස්ටන් නිදහස්

වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතු වල යෙදවා රජයට පාඩුවක් සිදුකළ බවට චෝදනා එල්ල වී සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් විසින් අධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කර තිබුණා.

එම මූලික විරෝධතාව පිළිගත් විනිසුරුවරයා අනතුරුව ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂවරයකු වන මොහොමඩ් සාකීර් යන අය නිදහස් කරන ලෙස නියෝග කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?