සත්‍ය සෙවීමේ කොමිසම ගැන වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන දැනුවත් කරයි

ජනවාර්ගික ප්‍රශ්නයෙන් පීඩාවට පත් වූ සෑම ජන කොටසකටම සත්‍ය සෙවීමේ කොමිසම ස්ථාපිත කිරීමෙන් සත්‍ය සොයා යෑමට අවස්ථාව හිමි වන බව විදේශ ඇමති අලි සබ්‍රි පවසනවා.

සත්‍ය සෙවීමේ කොමිසම ස්වාධීන විය යුතු බවත් රජයේ වගකීම වන්නේ ඒ සඳහා පහසුකම් සැපයීම පමණක් බවත් පැවසූ අමාත්‍යවරයා සඳහන් කළේ පනත ස්ථාපිත කිරීමෙන් පසු කොමිසමට සම්පූර්ණයෙන් බලය පැවරෙන බවයි.

කොමිසමේ කටයුතු සාර්ථක කර ගැනීම අරමුණු කර ගනිමින් ජාත්‍යන්තර වශයෙන් දේශන මාලාවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවත්, මේ වන විටත් කැබිනට් අනුමැතිය ලැබී තිබෙන අන්තර්කාලීන ලේකම් කාර්යාලය මගින් කොමිසමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමේ පදනම සකස් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු ප්‍රකාශ කළා.

විදේශ කටයුතු අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ සත්‍ය සෙවීමේ කොමිසම පිළිබඳ වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන දැනුවත් කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමින්.

ජාත්‍යන්තරව පිළිගත් වගවීමේ ක්‍රියාවලියක අවශ්‍යතාව සහ එය ස්ථාපිත කිරීමේ රජයේ කැපවීම පැහැදිළි කළ අමාත්‍යවරයා සත්‍ය සෙවීමේ කොමිසම පිළිබඳ විශ්වාසය ගොඩ නැඟීමට අවශ්‍ය සියලු දේ සිදු කරන බව ද අවධාරණය කළා.

මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා කියා සිටියේ දශක තුනක් පුරා මෙරට පැවති යුද්ධයෙන් ජාති බේදයකින් තොරව සියලු ජනතාවට විශාල පීඩනයකට මුහුණදිමට සිදු වු බවයි.

ඒ පිළිබඳ නිසි විමර්ෂනයක අවශ්‍යතාව රට තුළින් මෙන්ම ජාත්‍යන්තරවද මතු වූ බවත්, ඒ වෙනුවෙන් ස්ථාපිත කරන ලද විවිධ කොමිසන් සභා විසින් ඉදිරිපත් කරන ලද යෝජනා ක්‍රියාත්මක නොවූ බවට ද චෝදනා එල්ල වූ බවත් සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළා.

මේ පිළිබඳ නිසි අවධානය යොමු කෙරෙන, රටට ගැළපෙන යාන්ත්‍රණයක් සකස් කිරීම සඳහා දකුණු අප්‍රිකාව වැනි රටවල ක්‍රියාත්මක යාන්ත්‍රණයන් පිළිබඳ අධ්‍යයනය කරන බවයි ඔහු ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් මෙය සාර්ථක කර ගත නොහැකි වුවහොත් නැවත රට අසීරු තත්ත්වයකට පත් වනු ඇති බැවින් සමාජය දැනුවත් කරමින් එය ක්‍රියාත්මක කිරීමට සහාය ලබා ගත යුතු බවද ඔහු පෙන්වා දෙනවා.

ජාතීන් තුනක් වෙසෙන සිංගප්පූරුව නිදහස ලබා වසර 20ක් ගත වෙද්දී සංවර්ධිත රටක් බවට පත් වූයේ සංහිඳියාව තුළින් බවයි සත්‍ය හා සංහිඳියා කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් අසංග ගුනවංස මහතා මෙහිදී අදහස් දක්වමින් කියාසිටියේ.

ශ්‍රී ලංකාවට සංවර්ධන අරමුණු ජය ගැනීමට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම සංහිඳියාව අත්‍යවශ්‍ය බවත් මෙම කොමිසම ස්ථාපිත කිරීම තුළින් සංහිඳියා අරමුණු ඉටුකර ගත හැකි බවත් ඔහු පෙන්වා දෙනු ලැබුවා.

දේශීය වශයෙන් සාර්ථක මෙන්ම ජාත්‍යන්තරය පිළිගත් යාන්ත්‍රණයක් සැකසීමට දායකත්වය ලබා දීමට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම සඳහා අන්තර්කාලීන ලේකම් කාර්යාලය ස්ථාපිත කර ඇති බවත් එය නීති සහ ප්‍රතිපත්ති අංශය, මහජන සම්බන්ධතා අංශය සහ තොරතුරු තාක්ෂණ අංශය යන අංශ තුනකින් සමන්විත වන බවයි අසංග ගුනවංස මහතා සඳහන් කළේ.

පසුගිය මැතිවරණයේදී ආගම්වාදය හා ජාතිවාදය විශාල ලෙස මතු කළ බැවින් ජනතාවට එම අත්දැකීම අමතක වීමට පෙර මෙම ක්‍රියාවලිය ස්ථාපිත කරන ලෙස ඉල්ලා සිටින බව මෙහිදී අදහස් දැක්වූ දඹර අමිල හිමියන් කියාසිටියා.

වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයින් රැසක් මේ අවස්ථාව සඳහා සහභාගී වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට නාමල් රිදෙන්නම දෙයි
09:51
Video thumbnail
Covid කාලයේ මේ ආණ්ඩුව තිබ්බනම් මිනිස්සුන්ට දෙවියන්ගෙම පිහිටයි - ආණ්ඩුවේ අයට කිසිම දැණුමක් නෑ
03:23
Video thumbnail
කොරියානු හිටපු තානාපතිවරයා සහ නාමල් අතර විශේෂ හමුවක් - මහින්දගේ කාලයේ කළ වැඩ ගැනත් හොඳ කියයි
02:05
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන උඩුයටිකුරු වුණු මෝටර් රථය
00:59
Video thumbnail
චාමර සම්පත්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - ආණ්ඩුවට කඩේ යන අය පත්වීම් දෙනවා
10:59
Video thumbnail
වෑන් රථයක් - ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුරෙන් දෙදෙනෙක් රෝහලේ - CCTV කැමරාවේ සටහන්වූ අයුරු
01:40
Video thumbnail
76 සාපයක් වෙලා නෑ - ජනාධිපතිතුමාම පිළිගත්තා
03:07
Video thumbnail
හෙක්ටර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Clean Sri Lanka වැඩසටහන අද ෆේල්
12:42
Video thumbnail
අපිට සහනයක් ලබාදෙන්න දෙයියනේ - රජයට කියලා බැරිම තැන දෙයියන්ට කියන මිනිස්සු
05:08
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා - අර්බුදයෙන්මයි ගෙදර යවන්නේ
07:38