Rajapura Handi Oil
Rajapura Diabetic Powder

සටන් විරාමය පසෙකළා එල්ල වූ ප්‍රහාර නිසා ගාසා තීරයේ 30 දෙනෙක් ජීවිතක්ෂයට

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඊයේ (28) එරට හමුදාවට නියෝග කර ඇත්තේ ගාසා තීරයට වහාම “ප්‍රබල ප්‍රහාර” එල්ල කරන ලෙසයි.

ඒ අනුව ගාසා තීරයට එල්ල වූ ප්‍රහාරත් සමග, ගාසා තීරයේ පුද්ගලයන් 30 දෙනෙක් මියගොස් තිබෙනවා.

හමාස් සංවිධානය විසින් සටන් විරාම ගිවිසුම් කොන්දේසි උල්ලංඝනය කිරීම, මෙම ප්‍රහාරයට හේතුව බවයි ඊශ්‍රායලය පවසන්නේ.