spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සජබය නීතිඥ සංගමය හමුවෙයි – ඕනෑම අභියෝගයක් භාර ගැනීමට සූදානම් බව සජිත් කියයි

රට බලවත් ව්‍යසනයකට පත්ව ඇති මේ මොහොතේ සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය රට ගොඩනැගීම වෙනුවෙන් තිරසාරව පෙනී සිටින බවත් ඒ වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට දෙවරක් නොසිතන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ අද (08) පෙරවරුවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය හමුවීමෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින්.

සමගි ජන බලවේගය සහ සමග ජන සන්ධානය විසින් ඉදිරිපත් කරනු ලැබූ 21 වෙනි සංශෝධනය ප්‍රකාරව විධායක ජනාධිපති ධූරය අහෝසි කොට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බව පැවසූ විපක්ෂ නායකවරයා වගකීම සහ වගවීම හරහා ක්‍රියාත්මක වන රාජ්‍ය පාලනයක් ගොඩනැඟිය යුතු බව එහිදී සඳහන් කළා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කොට ඇති යෝජනාවලියත්, සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කොට ඇති 21 වැනි සංශෝධනයත් අතර විශාල පරස්පරතාවයක් නැති බව පැවසූ ඔහු ඒ යෝජනා පදනම් කරගනිමින් ප්‍රගතිශීලී ඉදිරි පියවර බව රැසක් ගැනීමට කටයුතු කරන බවද පැවසුවා.

පවත්නා අර්බුදයට ප්‍රමුඛතම හේතුව වන්නේ ඒකාධිපති විධායක ජනාධිපති ධූරය බව පැවසූ විපක්ෂ නායකවරයා එය වහාම අහෝසි කළ යුතු බව සඳහන් කළා.

මේ මොහොතේ වැදගත් වන්නේ ඔටුනු හෝ තනතුරු පළඳවා ගැනීමට නොවන බව පැවසූ ඔහු, වැදගත් වන්නේ සමාජ හා ජාතික වගකීම ඉටුකිරීම බවයි එහිදී පවසා සිටියේ.

ඒ වෙනුවෙන් කළ හැකි සියලු කැපකිරීම් කිරීමට තමන් සූදානම් බවද විපක්ෂ නායකවරයා පවසා සිටියා.

රට ඉදිරියට යෑමට නම් 21 වෙනි සංශෝධනය ක්‍රියාත්මක විය යුතු බවත් වහාම විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා ඒ මත පදනම්ව ඕනෑම අභියෝගයක් බාර ගන්නා බවද සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?