ෂාෆ්ටර්ගේ මරණය ඝාතනයක්

ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර්ගේ මරණය ගෙල සහ මුහුණ මත ඇති වූ පීඩනයක් මත සිදු වී ඇති බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කළා.

ඒ අනුව මෙම සිද්ධිය හරහා අපරාධයක් සිදු වී ඇතැයි තීන්දු කළ මහේස්ත්‍රාත්වරිය ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළ බවයි අප අධිකරණ වාර්තාකරු පැවසුවේ.

මරණ පරීක්ෂණයේ දී ඉදිරිපත් වූ වාර්තා, ඒ පිළිබඳ ව සොයා බැලීම සඳහා අධිකරණය විසින් පත් කරනු ලැබූ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව ඉදිරිපත් කළ වාර්තා සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය මෙම තීන්දුව ලබා දුන්නා.

ඒ අනුව මෙම සිද්ධිය තුළින් අපරාධයක් අනාවරණය වන බවත් ඒ අනුව ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් මහේස්ත්‍රාත්වරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට කළ නියෝගයේ සඳහන්.

මරණ පරීක්ෂණයේ තීන්දුවක් ප්‍රකාශයට පත්කළ මහේස්ත්‍රාත්වරිය අදාළ මරණයට හේතු සෙවීම සඳහා අධිකරණය විසින් පත් කරනු ලැබූ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා සහ පරීක්ෂණයේ දී ඉදිරිපත් වූ සෙසු තොරතුරු සැලකිල්ලට ගෙන එම තීන්දුව ප්‍රකාශයට පත් කරන බව ද කියා සිටියා.

එසේම මරණයට හේතු සෙවීම සඳහා අධිකරණය විසින් පත් කරනු ලැබූ විශේෂඥ වෛද්‍ය කමිටුවේ බහුතර සාමාජිකයින්ගේ මතය මෙම තීන්දුව දීම සඳහා පදනම් කරගත් බවත් ඇය කියා සිටියා.

පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුවේ සාමාජිකයින්ගේ මතය 4 :1 ලෙස සඳහන් ව තිබූ බවත් මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළා.

මෙම විමර්ශනය ප්‍රකාර ව අදාළ මරණය අපරාධයක් යැයි තීන්දු කළ මහේස්ත්‍රාත්වරිය ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කර සිටියා.

ඉන් අනතුරුව පැමිණිල්ල මාර්තු මස 20 වනදා යළි කැඳවීමට නියෝග ලැබුණු අතර මෙදින අදාළ පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ නියෝගයේ සඳහන් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
4
+1
10
+1
6
+1
15
+1
4
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?