ෂකීබ්ගේ දේශපාලන ගමන ස්ථිර වෙයි – ලබන ජනවාරියේ මහ මැතිවරණයට

බංගලාදේශ ක්‍රිකට් නායක ෂකීබ් අල් හසන්ගේ පාර්ලිමේන්තු මැතිවරණ ගමන තහවුරු කිරීමට එරට පාලක පක්ෂයවන අවාමි ලීගය කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව ෂකීබ් අල් හසන් ලබන ජනවාරි මස 07 වනදා පැවැත්වෙන බංග්ලාදේශයේ 12 වන මහ මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔහු උපන් දිස්ත්‍රික්කය වන මගුරා-1 මැතිවරණ කොට්ඨාශයෙන් මැතිවරණයට සඳහා තරග කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් වන මෂ්රෆි මෝර්ටසා ද මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන අතර, ඔහු ද මෙවර මැතිවරණය සඳහා තරග කරන බවයි වාර්තා වන්නේ.

මේ අතර බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩාව සහ දේශපාලනය අතර සබඳතාව ඝන වෙමින් පවතින බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

ෂකීබ් අල් හසන් සහ මෂ්රෆි මෝර්ටසා හැරුණු විට බංග්ලාදේශ ක්‍රිකට් සභාපති නස්මුල් හසන් ද 2009 වසරේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරනු ලබනවා.

ඔහු නැවත වරක් ඔහුගේ කිෂෝරගන්ජ් ආසනයෙන් නාමයෝජනා ලබාගේ ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40