ශුද්ධෝත්තම 14 වැනි දලයි ලාමා වහන්සේ හමු වූ අටමස්ථානාධිපති නාහිමි

අටමස්ථානාධිපති අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම හේමරතන නායක හිමි, විශ්වීය කරුණාවේ මුද්‍රාව බඳු, ජීවමාන බුදුවරයෙකු ලෙස ලොවෙන් ගෞරවාදර ලබන ශුද්ධෝත්තම 14 වැනි දලයි ලාමා වහන්සේව පසුගියදා (ජනවාරි 20) මුණගැසුණා.

ඒ ඉන්දියාවේ මුන්ගොඩ් හි දී ය.

එය ඉන්දීය මෙන්ම ලාංකීය බෞද්ධ ඉතිහාසයේ ඓතිහාසික දිනයක් ලෙස නම් කළ හැකි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ.

මන්ද මෙවන් හමුවක් සිදු වූයේ ලෝක බෞද්ධ ඉතිහාසයෙහි අතිශය ප්‍රථම වතාවට වන බැවිනි.

අටමස්ථානාධිපති තනතුර යනු ලංකාවේ ප්‍රධාන බෞද්ධ තනතුරකි.

ඉපැරණි රාජ සන්නස් පත්‍රවලට අනුව මෙරට ප්‍රධාන බෞද්ධ උරුමායතන ත්‍රිත්වයකි.

ඒවා නම්,ශ්‍රී දළදා මාළිගාව,ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ,ශ්‍රී පාදස්ථානය යි.

මෙම බෞද්ධ උරුමායතනවල අධිපති තනතුරු යනු මෙරට මෙන්ම විදෙස් බෞද්ධ ලෝකයෙහි ද ගෞරව බහුමානයට ලක් වන සුවිශේෂී බලතල හිමි උසස් තනතුරු ය.

එබැවින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ප්‍රධාන ලාංකීය පැරණි බෞද්ධ උරුමයන් අටක අධිපති නායක හිමියන් ද ලෝක බෞද්ධ ජනතාවගේ ආධ්‍යාත්මික නායකයා වන දලයි ලාමා වහන්සේගේ ද හමුව ලොවක ඇස් එදෙසට යොමු කරගන්නා හමුවක් බව සඳහන් කළ යුතුමය.

මෙම ඓතිහාසික හමුවට තවත් අමිල වටිනාකමක් ලබා දෙමින් අටමස්ථානාධිපති හිමි විසින් දලයි ලාමා වහන්සේට දිය යුතු හොඳම සිහිවටනය ලෙස ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝ අංකුරයක් ද පූජා කරන්නට යෙදුණා.

ශුද්ධෝත්තම 14 වැනි දලයි ලාමා වහන්සේගේ කිහිප අවස්ථාවක්ම ලංකාවට වැඩම කොට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනාමාන කරන්නට ප්‍රයත්න දැරූ මුත් එම උත්සාහයන් ව්‍යර්ථ වූ අතර එබැවින් උන්වහන්සේ හට ජය ශ්‍රී මහා බෝධි වන්දනය එක් බලාපොරොත්තුවක්ව පැවතුණු බවත් වාර්තා වනවා.

එමෙන්ම එම ජය ශ්‍රී මහා බෝධි අංකුරය ජනවාරි 21 ඉන්දියාවේ ගාඩෙන් ජන්ග්සේ විහාරස්ථානය ආශ්‍රිත පරිශ්‍රයෙහි ඉදිකරන ලද බෞද්ධ විශ්ව විද්‍යාලයීය භූමියෙහි අති උත්සවාකාරයෙන් ගෞරව බුහුමන් මධ්‍යයෙහි රෝපණය කරන්නට නියමිත ය.

මෙම ඓතිහාසික පුණ්‍ය කර්තව්‍යය සඳහා ඉන්දියාවේ වැඩ සිටින ටිබෙට් භික්ෂූන් වහන්සේලා සහ බෞද්ධ බැතිමතුන් දස දහස් ගණනක් සහභාගී විමට ද නියමිත ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08