ශිෂ්‍යත්ව විභාගය අසමත්ව සිටි සිසුන් 146 ක් නැවත සමත් වූ හැටි

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සිදුකරනු ලැබු අතර එහිදී විභාගය අසමත්ව සිටි සිසුන් 146 දෙනකු කඩඉම් ලකුණු අබිබවා විභාගය සමත්ව තිබෙනවා.

නැවත සමීක්ෂණය කිරීම සඳහා සිංහල මාධ්‍ය සිසුන් 20,334 දෙනකු සහ දෙමළ මාධ්‍ය සිසුන් 4,823දෙනකු වශයෙන් සිසුන් 25,157දෙනකු ඉල්ලුම් කර තිබූ බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවා.

විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියේ,ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත් නැවත සමීක්ෂණයේදී පරීක්ෂකවරුන් දෙදනකුගේ පරීක්ෂාවට ලක්කළ බවයි