ශිකර් ධවාන් ශ්‍රී ලංකා කණ්ඩායමට දුන් උපදෙස මෙන්න

ලොව පුරා පැතිර යන කොවිඩ් වසංගතයක් සමග දුෂ්කර ජෛව බුබුළකට මැදිව ශ්‍රී ලංකාවට ක්‍රිකට් වසන්තය ගෙන ආ ඉන්දීය තරග සංචාරය ඊයේ රාත්‍රියේ තරගයක් සමග නිමාවට පත් වුණා. නමුත් මෙම තරග සංචාරය පුරාම බොහෝ සාධනීය දේවල් දක්නට ලැබුණු අතර විශේෂයෙන්ම කණ්ඩායම් දෙක අතර පැවති සුහදතාව ඒ අතරින් කැපී පෙනෙන කාරණයක් වුණා.


ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා මෙම සංචාරය පුරා මෙරට ක්‍රීඩා ලෝලීන්ගේ හදවත් තුළට රිංගා ගන්නට සමත් වූ අතර ඔහු දැක්වූ සුහදශීලී භාවය මෙරට ක්‍රීඩා ලෝලීන්ට හට කලකට අමතක නොවන කාරණයක් වනු නොඅනුමානයි. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ජාතික ගීය ගයද්දී ඔවුන් සමග එක්ව මෙරට ජාතික ගීය ගැයූ හර්දික් ඉන් නොනැවතී මෙරට නැගී එන තුන්ඉරියව් ක්‍රීඩකයකු වන චාමික කරුණාරත්නට ක්‍රිකට් පිත්තක් තෑගි කරන්නටත් අමතක කලේ නැහැ. මීට අමතරව ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු ලෙස පැමිණි රාහුල් ඩ්‍රාවිඩ් අවස්ථා ගණනාවක දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ගුරුහරුකම් දෙන ආකාරයත් දක්නට ලැබුනා.  එක් අවස්ථාවකදී ඉන්දීය පුහුණුකරු ශ්‍රී ලංකා කන්ඩායමේ නායක දසුන් ශානක සමඟ කෙටි සංවාදයක යෙදී සිටින ආකාරයත් දක්නට ලැබුණා. අවසාන වශයෙන්, තෙවැනි විස්සයි 20 තරගයට පෙර ඉන්දීය නායක ශිකර් ධවාන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිරිසක් පිරිවරාගෙන ඔවුන් සමග සිය අත්දැකීම් බෙදා ගන්නා ආකාරයක් ඊයේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයංගනයේදී දක්නට ලැබුණා. ඔහු සමග සංවාදයට එක්වූ නායක දසුන් ශානක කියා සිටියේ ශිඛර් ධවාන් සමඟ පැවැති එම පිළිසඳර අතිශයින් වැදගත් වූ බවයි. 

වසර දහයකට අධික කාලයක් ක්‍රීඩා කරන පිටියේ අත්දැකීම් බහුල ක්‍රීඩකයකු වන ඔහුගෙන් ලබා ගත යුතු ගුරුහරුකම් බොහෝමයක් ඇති බවයි දසුන්ගේ හැඟීම වූයේ.  තරගයක් සැලසුම් කිරීම් සහ තරගයක් තුළ දී ඇතිවන තත්ත්වයන් හසුරුවා ගැනීම පිළිබඳව ඔහු සතුව ඇති අත්දැකීම් හා දැනුම මට නායකයකු ලෙස මගේ කණ්ඩායම    මෙහෙයවීමේදී අතිශයින්ම වැදගත් වෙනවා දසුන් වැඩිදුරටත් කියා සිටියා. අපේ හිටපු ක්‍රීඩකයින්ගෙනුත් අපට උපදෙස් ලැබෙනවා, නමුත් මෙය අත්දැකීම් බහුල වත්මන් ක්‍රීඩකයෙකුගෙන් උපදෙස් ලබා ගැනීමට ලැබෙන අවස්ථාවක්. මට සහ කන්ඩායමට ඒ අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් මම ඔහුට අතිශයින් කෘතඥ වනවා.    විස්සයි 20 තරගාවලිය තරග 2-1 ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර, එම තරග මාලාවේදී කැපී පෙනෙන ක්‍රීඩකයා වූයේ වනිඳු හසරංගයි. වනිඳු ඔහුගේ පන්දුවාර 12 තුළ කඩුලූ 7 ක් දවා ගත්තේ 5.58 ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමින්.තරගාවලියේ ජයග්‍රහණය සඳහා වනිඳුගේ දායකත්වය අගය කළ දසුන් ශානක කියා සිටියේ ඔහු ඉතා ඉක්මනින් මුහුකුරා ගිය ක්‍රීඩකයෙකු බවයි. එමෙන්ම මේ වන විට 20-20 පන්දු යවන්නන්ගේ අයි.සී.සී ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානයේ පසුවන වනිදු ඉතා කෙටි කලකින් එහි පළමු ස්ථානයට පැමිනෙනු ඇති බවටත් දසුන් විශ්වාසය පළ කළා.  “මම හිතන්නේ ඔහුට අංක 2 ප්‍රමාණවත් නැහැ, ඔහු අංක 1 විය යුතු කෙනෙක්. මම හිතන්නේ ඔහු ඉක්මනින් එතැනට යයි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චේ ගුවේරාගේ තොප්පියත් නැතිවෙලා ඩබල් පොකට් විතරයි ඉතුරුවෙලා තියෙන්නේ
03:20
Video thumbnail
මහින්දට එරෙහිව වෙන්න අපිට කොන්දක් තිබ්බා
03:36
Video thumbnail
මා ඔය දිගේ ගසාගෙන ආපු අත්බෝ#බයක් හමුවෙයි
00:53
Video thumbnail
නාමල් ඇතුළට ගිය එක ගැන රනිල් කිව්ව දේ..
00:52
Video thumbnail
නාමල් පුතාව බලන්න වැලිකඩට ගිය මහින්ද සංවේදී වෙයි
01:02
Video thumbnail
සජිත්ගේ රැස්වීමට ආ කතක් ආණ්ඩුවට දෙහි ක#යි - දන්නේ ඇමතියෙක් අල්ලලා මුල්ලට දාන එකනේ
01:58
Video thumbnail
විපක්ෂය දැන් මරු විකලෙන් දඟලනවා
05:24
Video thumbnail
සදාකාලිකවම තනි පක්ෂයක් රටේ ආණ්ඩු කිරීමක් කරන්නේ - රට පාලනය කරන්නේ විකෘති ආණ්ඩුවක්
05:35
Video thumbnail
නාමල් ගියේ තනියෙන්, මේ ආණ්ඩුවට යන්න වෙන්නේ බුරුතු පිටින්
08:53
Video thumbnail
නාමල් රිමාන්ඩ් වුණ පළවෙනි අවස්ථාව නෙවෙයිනේ - UNP එක අද ඉන්නේ හොරු රකින පැත්තේ
02:39