ශිකර් ධවාන් ශ්‍රී ලංකා කණ්ඩායමට දුන් උපදෙස මෙන්න

ලොව පුරා පැතිර යන කොවිඩ් වසංගතයක් සමග දුෂ්කර ජෛව බුබුළකට මැදිව ශ්‍රී ලංකාවට ක්‍රිකට් වසන්තය ගෙන ආ ඉන්දීය තරග සංචාරය ඊයේ රාත්‍රියේ තරගයක් සමග නිමාවට පත් වුණා. නමුත් මෙම තරග සංචාරය පුරාම බොහෝ සාධනීය දේවල් දක්නට ලැබුණු අතර විශේෂයෙන්ම කණ්ඩායම් දෙක අතර පැවති සුහදතාව ඒ අතරින් කැපී පෙනෙන කාරණයක් වුණා.


ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා මෙම සංචාරය පුරා මෙරට ක්‍රීඩා ලෝලීන්ගේ හදවත් තුළට රිංගා ගන්නට සමත් වූ අතර ඔහු දැක්වූ සුහදශීලී භාවය මෙරට ක්‍රීඩා ලෝලීන්ට හට කලකට අමතක නොවන කාරණයක් වනු නොඅනුමානයි. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ජාතික ගීය ගයද්දී ඔවුන් සමග එක්ව මෙරට ජාතික ගීය ගැයූ හර්දික් ඉන් නොනැවතී මෙරට නැගී එන තුන්ඉරියව් ක්‍රීඩකයකු වන චාමික කරුණාරත්නට ක්‍රිකට් පිත්තක් තෑගි කරන්නටත් අමතක කලේ නැහැ. මීට අමතරව ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු ලෙස පැමිණි රාහුල් ඩ්‍රාවිඩ් අවස්ථා ගණනාවක දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ගුරුහරුකම් දෙන ආකාරයත් දක්නට ලැබුනා.  එක් අවස්ථාවකදී ඉන්දීය පුහුණුකරු ශ්‍රී ලංකා කන්ඩායමේ නායක දසුන් ශානක සමඟ කෙටි සංවාදයක යෙදී සිටින ආකාරයත් දක්නට ලැබුණා. අවසාන වශයෙන්, තෙවැනි විස්සයි 20 තරගයට පෙර ඉන්දීය නායක ශිකර් ධවාන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිරිසක් පිරිවරාගෙන ඔවුන් සමග සිය අත්දැකීම් බෙදා ගන්නා ආකාරයක් ඊයේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයංගනයේදී දක්නට ලැබුණා. ඔහු සමග සංවාදයට එක්වූ නායක දසුන් ශානක කියා සිටියේ ශිඛර් ධවාන් සමඟ පැවැති එම පිළිසඳර අතිශයින් වැදගත් වූ බවයි. 

වසර දහයකට අධික කාලයක් ක්‍රීඩා කරන පිටියේ අත්දැකීම් බහුල ක්‍රීඩකයකු වන ඔහුගෙන් ලබා ගත යුතු ගුරුහරුකම් බොහෝමයක් ඇති බවයි දසුන්ගේ හැඟීම වූයේ.  තරගයක් සැලසුම් කිරීම් සහ තරගයක් තුළ දී ඇතිවන තත්ත්වයන් හසුරුවා ගැනීම පිළිබඳව ඔහු සතුව ඇති අත්දැකීම් හා දැනුම මට නායකයකු ලෙස මගේ කණ්ඩායම    මෙහෙයවීමේදී අතිශයින්ම වැදගත් වෙනවා දසුන් වැඩිදුරටත් කියා සිටියා. අපේ හිටපු ක්‍රීඩකයින්ගෙනුත් අපට උපදෙස් ලැබෙනවා, නමුත් මෙය අත්දැකීම් බහුල වත්මන් ක්‍රීඩකයෙකුගෙන් උපදෙස් ලබා ගැනීමට ලැබෙන අවස්ථාවක්. මට සහ කන්ඩායමට ඒ අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් මම ඔහුට අතිශයින් කෘතඥ වනවා.    විස්සයි 20 තරගාවලිය තරග 2-1 ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර, එම තරග මාලාවේදී කැපී පෙනෙන ක්‍රීඩකයා වූයේ වනිඳු හසරංගයි. වනිඳු ඔහුගේ පන්දුවාර 12 තුළ කඩුලූ 7 ක් දවා ගත්තේ 5.58 ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමින්.තරගාවලියේ ජයග්‍රහණය සඳහා වනිඳුගේ දායකත්වය අගය කළ දසුන් ශානක කියා සිටියේ ඔහු ඉතා ඉක්මනින් මුහුකුරා ගිය ක්‍රීඩකයෙකු බවයි. එමෙන්ම මේ වන විට 20-20 පන්දු යවන්නන්ගේ අයි.සී.සී ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානයේ පසුවන වනිදු ඉතා කෙටි කලකින් එහි පළමු ස්ථානයට පැමිනෙනු ඇති බවටත් දසුන් විශ්වාසය පළ කළා.  “මම හිතන්නේ ඔහුට අංක 2 ප්‍රමාණවත් නැහැ, ඔහු අංක 1 විය යුතු කෙනෙක්. මම හිතන්නේ ඔහු ඉක්මනින් එතැනට යයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
39
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මලා, තාත්තලා තමයි දරුවන්ගේ හිත්වලට වි#ෂ පොවන්නේ
05:28
Video thumbnail
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ස්ටාලින්ට රතු කට්ට පනී
14:27
Video thumbnail
කොළඹ 07 නෝනලාට සත්ත්ව කරුණාව මතක් වෙන්නේ දළදා පෙරහැර කාලයට විතරයි
06:05
Video thumbnail
සබදු අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගක ගලන|දැවෙන සිතට දම් සිසිලක් සජීවීව🔴
01:33:09
Video thumbnail
අර නිවාස ඇමතිට සෙල්ලම් ගෙයක්වත් හදන්න බෑ
03:26
Video thumbnail
ආණ්ඩුව උදව් කරන්න ගිය අපිට කා#ලකණ්නි කියලා කිව්වා
06:43
Video thumbnail
සජිත්ට බස් මෑන් කියපු එවුන්ට අද වැසිකිළියක්වත් හදාගන්න බෑ
13:11
Video thumbnail
මාලිමාවට ඡන්දේ දුන්නේ බුදු දහම අතුගාලා දාන්න නෙමෙයි
09:12
Video thumbnail
මාලිමාවේ සෙට් එකත් රාජ්‍ය සම්පත් අවභාවිතා කරලා..?
02:49
Video thumbnail
මුස්ලිම් පල්ලියක් ඇතුළේ සිදුවුණු කැත වැඩක් - මාධ්‍යවේදියෙක්ට පල්ලියක් ඇතුළේ කරපු දේ
01:58


?