AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාව අවදානමේ

ශ්‍රී ලංකාව අවට බෙංගාල බොක්ක මුහුදු කලාපයේ වර්ග කිලෝ මීටර 40,000ක මළ මුහුදක් නිර්මාණය වීම නිසා සාක් කලාපයේ රටවල් 6කට බලපෑම් එල්ල වී ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කරයි. මෙම මළ මුහුද 2019 වසරේදී හඳුනාගෙන ඇත.

එය නිර්මාණය වීම නිසා මත්ස්‍ය සම්පත වර්ධනය වීමට මෙන්ම ධීවර සහ සංචාරක කර්මාන්තවලට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇති බැවින් කලාපීය රටවල් අතර ඒකාබද්ධ සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් බව එම අධිකාරිය පවසයි.

මේ නිසා ශ්‍රී ලංකාව, ඉන්දියාව, තායිලන්තය, බංග්ලාදේශය, මියන්මාරය, ඉන්දුනීසියාව යන රටවල් අවදානම් තත්ත්වයේ පවතින බව හඳුනාගෙන තිබේ. බෙංගාල බොක්ක මුහුදු කලාපයේ දැනට නිර්මාණය වී ඇති මළ මුහුද මුහුදු මට්ටමේ සිට මීටර 400ක් දක්වා ගැඹුරට පවතින අතර එය වර්ග කිලෝ මීටර 40,000ක දුරට විහිදී ගොස් ඇත.

මෙලෙස මළ මුහුදක් නිර්මාණය වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ නිසි ක්‍රමවේදයකින් තොරව ප්ලාස්ටික් මුහුදට බැහැර කිරීම නිසා බව හඳුනාගෙන තිබේ.

කලාපීය රටවල් විසින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය සහිත කසළ කළමනාකරණයකින් තොරව ගංගාවල් හරහා වසර ගණනාවක සිට මුහුදට බැහැර කිරීම නිසා මෙම තත්ත්වය මතුවී ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කරයි.

එම අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර සඳහන් කළේ කලාපීය රටවල් අතර “අයෝරා” නමින් ඒකාබද්ධ සාකච්ඡා වටයක් ලබන සතියේදී ආරම්භ කිරීමට සූදානම් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?