ශ්‍රී ලංකාව අවදානමේ

ශ්‍රී ලංකාව අවට බෙංගාල බොක්ක මුහුදු කලාපයේ වර්ග කිලෝ මීටර 40,000ක මළ මුහුදක් නිර්මාණය වීම නිසා සාක් කලාපයේ රටවල් 6කට බලපෑම් එල්ල වී ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කරයි. මෙම මළ මුහුද 2019 වසරේදී හඳුනාගෙන ඇත.

එය නිර්මාණය වීම නිසා මත්ස්‍ය සම්පත වර්ධනය වීමට මෙන්ම ධීවර සහ සංචාරක කර්මාන්තවලට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇති බැවින් කලාපීය රටවල් අතර ඒකාබද්ධ සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් බව එම අධිකාරිය පවසයි.

මේ නිසා ශ්‍රී ලංකාව, ඉන්දියාව, තායිලන්තය, බංග්ලාදේශය, මියන්මාරය, ඉන්දුනීසියාව යන රටවල් අවදානම් තත්ත්වයේ පවතින බව හඳුනාගෙන තිබේ. බෙංගාල බොක්ක මුහුදු කලාපයේ දැනට නිර්මාණය වී ඇති මළ මුහුද මුහුදු මට්ටමේ සිට මීටර 400ක් දක්වා ගැඹුරට පවතින අතර එය වර්ග කිලෝ මීටර 40,000ක දුරට විහිදී ගොස් ඇත.

මෙලෙස මළ මුහුදක් නිර්මාණය වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ නිසි ක්‍රමවේදයකින් තොරව ප්ලාස්ටික් මුහුදට බැහැර කිරීම නිසා බව හඳුනාගෙන තිබේ.

කලාපීය රටවල් විසින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය සහිත කසළ කළමනාකරණයකින් තොරව ගංගාවල් හරහා වසර ගණනාවක සිට මුහුදට බැහැර කිරීම නිසා මෙම තත්ත්වය මතුවී ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කරයි.

එම අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර සඳහන් කළේ කලාපීය රටවල් අතර “අයෝරා” නමින් ඒකාබද්ධ සාකච්ඡා වටයක් ලබන සතියේදී ආරම්භ කිරීමට සූදානම් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09