AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ශාසනයට පූජා කළ පස්ලෝහමය බුද්ධ ප්‍රතිමාව සුද්දෙක්ට විකුණන්න හදලා

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් සම්බුද්ධ ශාසනයට පූජාකරන බව කියන පස්ලෝහමය බුද්ධ ප්‍රතිමාවක් විදේශිකයෙකුට අලෙවි කිරීමට ගිය පුද්ගලයෙක් පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කිලෝ ග්‍රෑම් 48ක් බරකින් යුත් රන්, රිදී, පිත්තල, තඹ, සුදු යකඩ ලෝහයන්ගෙන් නිර්මාණය කර ඇති මෙම බුද්ධ ප්‍රතිමාව රුපියල් එක්කෝටි විසි ලක්ෂයක මිලකට අලෙවි කිරීමට සූදානම්ව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා කුරුවිට, දෙල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු යකැදුරෙක් ලෙස කටයුතු කරන අයෙක් බවයි වාර්තා වන්නේ.

පුරාවිද්‍යා වටිනාකමක් ඇති මෙම බුද්ධ ප්‍රතිමාව සම්බන්ධයෙන් පොලිසිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් වාර්තාවක් ලබාගැනීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?