ශ්‍රී ලංකා පොලිසියෙනුත් QR ක්‍රමයක් හඳුන්වා දෙයි

දිවයින පුරා පිහිටි සියළුම පොලිස් ස්ථානවල සේවා සම්බන්ධව මහජන අදහස්, පැමිණිලි, ප්‍රශංසා හෝ යෝජනා සෘජුවම ලබා ගැනීමට හැකි Online Digital Platform හරහා ” Sri Lanka Police Community Feedback Portal ” නමින් QR කේත පුවරු ක්‍රම වේදයක් මහජනතාවට හඳුන්වා දී තිබෙනවා.

මෙම සේවාව මඟින් පුරවැසියන්ට පහසුවෙන් අදහස් හා ප්‍රතිචාර ලබාදීමට අවස්ථාව සැලසෙන අතර එම දත්ත විශ්ලේෂණ උපයෝගී කර ගනිමින් ජනතාව කේන්ද්‍ර කරගත් වඩාත් කාර්යක්ෂමව පොලිස් සේවාවක් සැපයීම මෙහි මූලික පරමාර්ථය බව පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම QR කේතය භාවිතා කරන ආකාරය පිළිබදව ද පොලිසිය විසින් නිකුත් කළ වාර්තාවේ සඳහන් කර ඇති අතර,

  • Community Feedback Portal වෙත පිවිසීම
  • අදහස / පැමිණිල්ල / ප්‍රශංසාව / යෝජනාව යන අංශයෙන් විකල්පය තෝරා ගැනිම
  • අවශ්‍ය නම් පුද්ගලික තොරතුරු ඇතුලත් කල හැකිය. ( Need to add my
    personal details)
  • පොලිස් ස්ථානය වෙත පැමිණි කාරණය (Add my visit information )
  • වෙනත් කරුණු (Add more information )
  • සිද්ධිය හෝ අදහස පිළිබඳ විස්තර ඇතුලත් කිරීම, යන ක්‍රමවේදය ඔස්සේ මහජනතාවට මෙම QR ක්‍රමය භාවිතයට ගැනීමේ හැකියාව හිමිව තිබෙනවා.

තවද, ශ්‍රී ලංකා පොලිසියේ police.lk web අඩවිය වෙත පිවිස එහි E – Services වෙතගොස් Community Feedback Portal මඟින්ද මහජනතාවට පහසුවෙන් අදහස් හා ප්‍රතිචාර ලබාදීමට හැකියාව පවතිනවා.

සියළුම පොලිස් ස්ථාන වල මහජනයාට පහසු වන පරිදි (පිළිගැනීමේ අංශය, චෝදනාගාරය ආසන්නයේ) “ Sri Lanka Police Community Feedback Portal ” නමින් QR කේත පුවරු ස්ථාපිත කිරීමටත්, අදාල පොලිස් ස්ථානය වෙත පැමිණෙන මහජනතාවට මෙම පහසුකම පිළිබඳව දැනුවත් කිරීමටත් අවශ්‍ය අවස්ථා වලදි ඔවුන්ට Community Feedback Portal භාවිතා කිරීමට මෙන්ම මෙම සේවාව සැපයීම සඳහා අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සඳහාත් පොලිස්පතිතුමා විසින් සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු ස්ථානාධිපතිවරුන් වෙත දැනුවත් කර ඇති බවයි පොලිසිය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42