ශ්‍රී ලංකා ටෙලිකොම් හා ලංකා හොස්පිටල්ස් රජය සතු කොටස් විකුණා දැමීමට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සහ ලංකා හොස්පිටල්ස් පීඑල්සී යන සමාගම්වල රජය සතු කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

එම තීරණය භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් අදාළ ආයතන වෙත ගැනුම් දී තිබෙනවා.

කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම්දෙමින් ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී පවසන්නේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ස්ථාපිත රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකය විසින් හඳුන්වා දී ඇති පරිදි අදාළ කොටස් විකිණීම ඉදිරියේදී සිදුවනු ඇති බවයි.

ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි කොටස් වලින් 49.50% ක කොටස් අයිතිය මහා භාණ්ඩාගාරය සතුව පැවතුණා.