ශ්‍රී ලංකා ජනපතිගේ ඉන්දීය සංචාරය නිසා තමිල්නාඩු මහ ඇමතිගෙන් මෝදිට ලිපියක්

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංචාරයේදී සිදු කරනු ලබන සාකච්ඡා අතර ප්‍රධාන කරුණු කිහිපයක් මතු කරන ලෙස තමිල්නාඩු මහ ඇමැති එම්.කේ. ස්ටාලින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් තමිල්නාඩු මහ ඇමතිවරයා සඳහන් කර ඇත්තේ කච්චතිව් දූපත නැවත ලබා ගැනීම, ඉන්දීය ධීවරයින්ගේ ධීවර අයිතීන් සුරැකීම සහ ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාවගේ අභිලාෂයන් සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස තමන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බවයි.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවලදී අග්‍රාමාත්‍යවරයා කරුණු ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද ස්ටාලින් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

දෙදින නිල රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු හමුවීමට නියමිත අතර අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී තිබුණා.

ඉන්දියාවට පැමිණි ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වී.මුරලිදරන් මහතා විසිනුයි.

අද උදෑසන ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර හමුවක් ද සිදුවී තිබුණා.

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා ද අද නවදිල්ලියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා.

ඉන්දීය ප්‍රකෝටිපතියෙකු වන ගෞතම් අදානි ද ශ්‍රී ලංකාවේ බහුවිධ ව්‍යාපෘති ගවේෂණය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී ඇති බවටයි වාර්තා වන්නේ.

MK Stalin notice
  1. KACHCHATHIVE ILLANNE UGE AHAWAL EKE ELLA GANNA WENNA ATHI. UN APAHASA KARANNE UNGEMA RATEYI ICON EKA UNA INDIRA GHANDHI TA KIYALA THERUM GANNAWATH MOLAYAK MODAKAMIN JATHIWADHAYEN PIRUNA UGE GON MOLAYATA THRENNEMA NAHE. INDIAN DEMALU APE WERALA PENA MANAYATAMA AWITH APE RATATA AYITHI MALU ALLAGENA YANWA. MALUWA TA DESHA SEEMA NAHE. RATAKATA DESHA SEEMA THIYENAWA. EKA MU DANNE NAHE.MU HITIYE KOTI PARA DEMALA MEHE RAJA UNAMA UNGE DEMALA RAJYA HADA GANNA. WAR EKAK UNAMA SATANA EKA PATHTHAK DINANAWA, NAMUTH DEPATHTHAMA PARADAYI. EKA THAMAYI ADHA APITA WELA THIYENNE. API KOTI SAMULA HATHANAYA KALA, MLECHCHA LESA YATATH WUWAN MARUWA KIYALA CHODANA KARANAWA, MARANNA ONA THAMAYI UN AYE PATAN GANN NISA. BERI WELAWATH UN DINNA NAM KOHOMA DHA, EHE INDHAN MEHETAMA MARAGENA MARAGENA EYI.