ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමේ නායිකාව දකුණු කොරියාවේ දී අතුරුදන්

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගී වීම සඳහා දකුණු කොරියාවට ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමේ නායිකා දුලානි පල්ලෙකොණ්ඩගේ අතුරුදන් වී ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ තරග අවසන් වීමෙන් පසුව කාන්තා කණ්ඩායම ඊයේ (13) දිනයේ දී පිරිමි කණ්ඩායමේ තරග නරඹමින් සිටි අවස්ථාවක ඇය මෙලෙස කණ්ඩායමෙන් ඉවත්ව ගොස් ඇති බවයි දැනගන්නට ලැබුණේ.

ඉන් පැය කිහිපයකට පසු පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයෙන් අනතුරුව කණ්ඩායම් කළමණාකාරීනිය විසින් අවස්ථා දෙකක දී
නිවේදනය කරමි සඳහන කර ඇත්තේ “දුලානි අපි ඔයාව හොයනවා, ඉක්මනටම කණ්ඩායමට එකතු වෙන්න” යනුවෙන්.

කෙසේ වෙතත් එම නිවේදනයෙන් පසුවත් ඇය කණ්ඩායම සමඟ එක් නොවූ බවයි වාර්තා වන්නේ.

පසුව මැයගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් රග්බි කණ්ඩායමේ කළමනාකරු විසින් කොරියානු රග්බි සංමගයේ නිලධාරීන් මාර්ගයෙන් පොලිසියට දැනුම් දීමට කටයුතු කර තිබෙනවා.

එහිදී කොරියානු පොලිසිය පවසා ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය රටෙන් පිටවීමට පෙර ඇයව සොයාගැනීමට උත්සාහය ගන්නා බවයි.

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් අද (14) මෙරට බලා පිටත්ව යාමට නියමිත බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන මතය බොඳ කිරීමේ අදහසක් විපක්ෂය කරන්නේ - විපක්ෂයට හොඳම එකෙන් දෙසයි
03:45
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ? - වාසනා කරපු සමච්චලය පාඨලීටත් හිනා..
00:46
Video thumbnail
නඩු වේගෙන් අහනකොට සමහර බඩු බයවෙලා - ඇමතිලා එදා සැපට හිටිය බංගලා අධිකරණයට දුන්නා
07:06
Video thumbnail
සමෘද්ධි පරිගණක සහකාරවරුන් වෙනුවෙන් සජිත් කට අරියි - රැකියා අහිමිවෙලා නෙවෙයි අහිමි කරලා
01:52
Video thumbnail
පාන්දරම අලි ඇවිත් නිවසක් ෆ්ලැට් කරලා ගිහින් - තනියා ආවේ බොහොම කරදරයක්
02:40
Video thumbnail
අපි දේශපාලනය ගත්තේ වැජඹෙන්න නෙවෙයි - වාසි ගන්න ඇවිත් නෑ..කලින් ආණ්ඩු හැදුවේ එයාලගේ දේවල් කරගන්න
02:00
Video thumbnail
නලින්ද ඉදිරියේ නාමල් ආගම ගැන කිව්ව දේ - මොන දේශපාලන පක්ෂ තිබ්බත් රටේ ආගම ආරක්ෂා කළ යුතුයි
03:38
Video thumbnail
අපි මේ මුළු පද්ධතියම වෙනස් කරන්න වැඩ කරන්නේ - නීතිඥ සංගමය ඔවුන්ගේ ස්ථාවරය කිව්වා
02:20
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත..දෙන්නා හිනාවෙවී ලොකු කතාවක්
03:58
Video thumbnail
මෙවර උසස් පෙළ විභාගයට අදාළ කිසිදු ප්‍රශ්න පත්‍රයක් පිටවී නොමැත - රැවටෙන්න එපා
01:11