ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ විවාදය 24 වනදා

පාර්ලිමේන්තුව ලබන 22 සිට 25 දක්වා රැස්වීමට නියමිත බව වාර්තා වනවා.

ඒ, අනුව එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු පසුගිය 11 වැනිදා කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරුණා.

ලබන 25 වැනි සිකුරාදා හැර අනෙකුත් දිනයන් හි, පෙරවරු 9.30 සිට 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇති බවයි පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර පැවසුවේ.

එම සතියේ 24 වන බ්‍රහස්පතින්දා දිනයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විරුද්ධ පාර්ශ්වය ගෙනෙන සභාව කල්තැබීමේ යෝජනාවට අනුව විවාදය පැවැත්වෙන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අගෝස්තු 22 වැනි අගහරුවාදා – පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා පුරාවස්තු ආඥා පනත යටතේ නියෝග, සංචාරක කටයුතු පනත යටතේ අංක 2324/14 දරණ ගැසට් පත්‍රයේ පළ කොට ඇති නියමය විවාද කොට අනුමතිය ලබා ගැනීමට නියමිතයි.
අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව අනුව විවාදය පැවැත්වේ.

අගෝස්තු 23 වැනි බදාදා – පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2336/45 දරන ගැසට් පත්‍රයේ පළකොට ඇති රෙගුලාසි, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ අංක 2336/71 දරණ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග, වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ අංක 2343/60 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝග සහ ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ 2339/08 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝග විවාදයට ගැනීම.
ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කර තිබේ.

අගෝස්තු 24 වැනි බ්‍රහස්පතින්දා – පෙ.ව 10.30 ට පමණ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයා විසින් අංක 2341/03 දරන ගැසට් පත්‍රයේ පළකළ නියමය සදහා අනුමතිය ලබා ගැනීමට නියමිතව ඇත.
අනතුරුව ප.ව 5.30 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විරුද්ධ පාර්ශ්වය ගෙනෙන සභාව කල්තැබීමේ යෝජනාවට අනුව විවාදය පැවැත්වේ.

අගෝස්තු 25 වැනි සිකුරාදා – සම්පූර්ණ දිනය වෙන් කර ඇත්තේ අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීමටයි. ඒ අනුව අපවත්වී වදාළ හිටපු මන්ත්‍රී ගරු පූජ්‍ය උඩවත්තේ නන්ද හිමි, අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරුන් වන ගරු එස්.ඒ.ආර් මද්දුමබණ්ඩාර සහ ගරු සිරිසේන කුරේ යන මහත්වරුන් සදහා ශෝක යෝජනා පළ කිරීමට පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා කාලය වෙන් කර ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36