Empty Ad
Empty Ad
 Empty Ad

ශ්‍රී ලංකා ඔස්ට්‍රෙලියා 20-20 තරගයේ ජය පැරදුම විසදුණ හැටි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රෙලියානු කණ්ඩායම අතර ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන පළමු පන්දුවාර විස්ස ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රෙලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ දී කඩුලු 9කට ලකුණු 149ක් රැස් කර ගත්තා.

ඔස්ට්‍රෙලියානු කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කර ගත්තේ බෙන් මක්ඩොමට්.

ඔහු පන්දු 41ක දී ලකුණු 53 ක් ලබා ගත්තා.

මීට අමතරව මාකස් ස්ටෝනික්ස් පන්දු 18 කදී ලකුණු 30 ක් ලබාගත් අතර ජොෂ් ඉංග්ලිෂ් පන්දු 18ක දී ලකුණු 23ක් රැස් කළා.

පන්දු යැවීමේදී වනිදු හසරංග ලකුණු 38කට කඩුලු 3ක් දවාගත් අතර, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න අතරෙ කඩුලු 2 බැගින් බෙදී ගියා.

ඒ අනුව ඩක්වර්ත් ඇන්ඩ් ලුවිස් ක්‍රමවේදය අනුව තරගය ලකුණු 20කින් ජය ගැනීමට සත්කාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිතිකරුවන්ට පන්දුවාර 19 තුළ කඩුලු 8ක් දැවී රැස්කිරීමට හැකිවී තිබුණේ ලකුණු 122ක් පමණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?