ශ්‍රී ලංකා – ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරය ඇමති නලින්දට

ශ්‍රී ලංකා – ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස තේරී පත්ව තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා – ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය දසවැනි පාර්ලිමේන්තුව සඳහා පිහිටුවීමේ රැස්වීම 2025 ඊයේ (08) දින කතානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත් වූ අවස්ථාවේදීයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන ශ්‍රී ලංකා – ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම් ධුරයට මෙහිදී තේරී පත් වුණා.

මෙහිදී දෙරටේම නියෝජිතයෝ සියවස් ගණනාවක් පුරා දෙරට අතර පැවති ශක්තිමත් සම්බන්ධතාවය සිහිපත් කළා.

හුවමාරු වැඩසටහන් සහ සාකච්ඡා තුළින් පාර්ලිමේන්තු සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම ඔවුන් අවධාරණය කළා.

ශ්‍රී ලංකාවේ වඩාත්ම අභියෝගාත්මක කාලවල දී ඉන්දියාව ලබා දුන් විශාල සහයෝගයට කතානායකවරයා මෙහිදී සිය කෘතඥතාව පළ කර සිටියා.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මෑත කාලීන ඉන්දීය සංචාරය ද්විපාර්ශ්වික සහයෝගීතාව සඳහා නව මංපෙත් විවර කළ ප්‍රධාන සන්ධිස්ථානයක් ලෙස ඔහු පෙන්වා දුන්නා.

මෙරට අලුතින් තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මෙම මස අගදී ඉන්දියානු පාර්ලිමේන්තු අධ්‍යයන හා පුහුණු කාර්යාංශය විසින් පැවැත්වීමට නියමිත ධාරිතා ගොඩනැගීමේ වැඩසටහන සංවිධානය කිරීම පිළිබඳව ද ඔහු සිය කෘතඥතාව
පළ කර සිටියා.

රැස්වීම අමතමින්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගරු සන්තෝෂ් ජා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සාර්ථක ශ්‍රී ලංකා සංචාරය සිහිපත් කළ අතර, ඉන්දියාවට සමීප අසල්වැසියෙකු ලෙස බහුවිධ ක්ෂේත්‍ර හරහා ශ්‍රී ලංකාවට සහායවීමට ඉන්දියාව ඉදිරියටත් සූදානම් බව අවධාරණය කළා.

අභිනව සභාපති අමාත්‍ය නලින්ද ජයතිස්ස සිය කතාවේදී පෙන්වා දුන්නේ දෙරට පාර්ලිමේන්තු අතර පාලමක් ලෙස මිත්‍රත්ව සංගමයට වැදගත් කාර්යභාරයක් පැවරී ඇති බවයි.

ඒ, අනුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දැනටමත් පවතින දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා කටයුතු කරන බව ද ඔහු පැවසුවා.

මෙහිදී ස්තූති කතාව පවත්වමින්, මිත්‍රත්ව සංගමයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන ඉන්දීය මිත්‍රත්වයට සිය හෘදයාංගම කෘතඥතාව පළ කළ අතර, අඛණ්ඩ සහයෝගීතාවය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16