ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ගිවිසුමට අදාළ නියමයට අනුමැතිය

2002 අංක 25 දරණ සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගිතාව දැක්වීමේ පනත යටතේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ මාලදිවයින් ජනරජයේ ආණ්ඩුව අතර 2025 ජූලි මස දී අත්සන් කරන ලද ගිවිසුම සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් පනවන ලද නියමය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව අනුමත කර තිබෙනවා.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුුතු අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාරගේ සභාපතිත්වයෙන් එම කාරක සභාව පාර්ලිමේන්තුවේ දී පසුගියදා රැස් වූ අවස්ථාවේ මෙම අනුමැතිය හිමිව තිබෙනවා.

2026 ජනවාරි 05 දිනැති අංක 2470/04 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද මෙම නියමය 2026.05.19 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සහ මාලදිවයින් ජනරජයේ ආණ්ඩුව අතර ඇති කරගත් මෙම ගිවිසුම මගින් සාපරාධී කාරණාවලදී දෙපාර්ශවයටම අන්‍යෝන්‍ය නෛතික සහයෝගීතාව දැක්වීමට මඟ පාදනවා.

ඒ, අනුව අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් පරිදි මෙම නියමය මගින්, ත්‍රස්තවාදයට සම්බන්ධ අපරාධ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම සඳහා භාවිත කිරීමට අදහස් කරන ලද අරමුදල්, අපරාධයකින් උත්පාදිත දේ සහ අපරාධ මෙවලම් සොයා ගැනීම, තහනම් කිරීම, අහිමි කිරීම හෝ රාජසන්තක කිරීම ඇතුළු අපරාධ වැළැක්වීම, විමර්ශනය කිරීම, නඩු පැවරීම සහ මැඩ පැවැත්වීම සම්බන්ධ සාපරාධීකාරණාවල දී අන්‍යෝන්‍ය නෛතික සහයෝගීතාව දැක්වීම මගින් ගිවිසුමේ දෙපාර්ශවයේම භූමිකාව වඩාත් ඵලදායී ලෙස ඉටු කිරීම පිළිබඳව සලකා බලනු ලබනවා.

අධිකරණ ක්ෂේත්‍රයේ පවතින පුරප්පාඩු සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වූ අතර, 2018 වසරෙන් පසු බඳවා ගැනීම් සිදුනොකිරීම නිසා මේ දක්වා පුරප්පාඩු 2,647 ක් ඇති බව නිලධාරීන් පැවසුවා.

ඒ, අනුව බඳවා ගැනීම් කඩිනමින් සිදු කරන ලෙස අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

මීට අමතරව, මන්ත්‍රීවරු අධිකරණ, බන්ධනාගාර හා නීති ක්ෂේත්‍රයට අදාළව පවතින ගැටලු කාරක සභාවට ඉදිරිපත් කළ අතර ඒවාට විසඳුම් ලබාදීම සම්බන්ධයෙන් කාරක සභා සභාපතිවරයා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01