logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

ශ්‍රී ලංකාව රනින් බැබළ වූ තරුෂි කරුණාරත්න, ජනපති හමුවෙයි (ඡායාරූප)

ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් තරුෂි කරුණාරත්න ශිෂ්‍යාව ඇගයීම අද (05) පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරුන් වෙත අක්තපත්‍ර ප්‍රදානය වෙනුවෙන් මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති උත්සව අවස්ථාවේදීම තරුෂි කරුණාරත්න ශිෂ්‍යාව ද උත්සවාකාරයෙන් ජනාධිපති මන්දිරය වෙත පිළිගැනීම සිදු වූ අතර ජනාධිපතිවරයා විසින් සිසුවියව නව තානාපතිවරුන් වෙත හඳුන්වාදීම ද සිදුකරනු ලැබුවා.

තරුෂි කරුණාරත්න ශිෂ්‍යාවගේ පාසලවන වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයේ ක්‍රීඩා පාසලේ මලල ක්‍රීඩා කටයුතුවල නිරතවන සිසු සිසුවියන් 76 දෙනාට ද ඇය සමඟ මෙම අවස්ථාවට එක්ව සිටියා.

මෙහිදී තරුෂි කරුණාරත්න සිසුවියගේ දක්ෂතා අගයමින් සිය සුබ පැතුම් පළ කළ ජනාධිපතිවරයා වසර 21කට පසුව ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ගෙන ඒම සම්බන්ධයෙන් ස්තූතිය ද පිරිනමනු ලැබුවා.

අනතුරුව ජනාධිපතිවරයා තරුෂි ඇතුළු ක්‍රීඩා පාසලේ සිසු සිසුවියන් සමග සුහද කතාබහකට ද එක් වුණා.

මෙම සිසු සිසුවියන්ගේ මලල ක්‍රීඩා දක්ෂතා ඉහළ නැංවීමට අවශ්‍ය පහසුකම් පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී බලධාරින්ගෙන් විමසා සිටියා.

මංතීරු 08ක් සහිත මීටර් 200ක ධාවන පථයක්, මීටර් 300ක එක් පුහුණු මංතීරුවක්, මීටර් 130ක සෘජු ධාවන මංතිරු 04ක් ඉදිකිරීම ඇතුළු ක්‍රීඩාපිටිය ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 220ක මුදලක් වැයවෙතැයි ඇස්තමේන්තුගත කර තිබෙන බව මෙහිදී සඳහන් කෙරුණා.

අදියර දෙකක් යටතේ වසර දෙකක් තුළදී මෙහි ඉදිකිරීම් සම්පුර්ණ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ පළාත් ප්‍රධාන ලේකම්වරයා වෙත උපදෙස් දුන් අතර අවශ්‍ය ප්‍රතිපාදන මධ්‍යම රජය මඟින් වෙන් කිරීමට කටයුතු කරන බවද පවසා සිටියා.

එසේම ක්‍රීඩා පාසලේ අවශ්‍ය කඩිනම් ප්‍රතිසංස්කරණ සහ අවශ්‍යතා සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය යටතේ මෙම වර්ෂයේ දී රුපියල් මිලියන10ක මුදලක් වෙන් කිරීමට කටයුතු කර තිබෙනවා.

ක්‍රීඩාවෙන් පමණක් නොව අධ්‍යාපනයෙන් ද ඉදිරියට යාමට කටයුතු කරන ලෙස මෙහි දී සිසු සිසුවියන්ට ඔවදන් දුන් ජනාධිපතිවරයා ඔවුන් සියලුදෙනාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් සිය සුබපැතුම් එක්කර සිටියා.

Tarushi Karunaratne 9 1 scaled
Tarushi Karunaratne 8 1 scaled
Tarushi Karunaratne 4 scaled
Tarushi Karunaratne 7 scaled
Tarushi Karunaratne 5 scaled
Tarushi Karunaratne 4 1 scaled
Tarushi Karunaratne 3 1 scaled
Tarushi Karunaratne 2 1 scaled
Tarushi Karunaratne 10 1 scaled
Tarushi Karunaratne 4 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
2
+1
0
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වත්මන් ආර්ථික ප්‍රවණතාව -මහ බැංකුවේ අධිපති සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාව
01:27:20
Video thumbnail
මාලිමාවේ අනාගත අරමුණ මුල්වරට මාධ්‍යට කියයි...#npp #akd #nalindajayatissa
02:49
Video thumbnail
දසත Mid Day 11.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 11.25 PM LIVE |2024-07-05| Dasatha News
33:30
Video thumbnail
ජ.වි.පෙ ආණ්ඩුවකින් විධායක ජනාධිපති ධූරයට වෙන්න යන දේ #jvp #npp #akd #nalindajayatissa
03:39
Video thumbnail
KASTHIRAMA | පා.ම.මුජිබුර් රහුමාන් සහ හිටපු පා.ම.නලින්ද ජයතිස්ස සහභාගීවන කස්තිරම වැඩසටහන සජීවීව
01:43:45
Video thumbnail
"මේ ආර්ථිකය වැටෙන්න ප්‍රධාන හේතුව ගෝඨාභය රාජපක්ෂ" #sjb
08:36
Video thumbnail
නලින්ද ජයතිස්සගෙන් ධම්මික පෙරේරාට අභියෝගයක්...#npp #nalindajayatissa #akd
09:40
Video thumbnail
"ලෙනව සහ රංගේ බණ්ඩාරගේ සම්බන්ධයක් තියනවා" #sjb #mujibar
10:12
Video thumbnail
"ඡන්දෙ එනවා ඇ....ආය දෙගිඩියාවක් තියාගන්න එපා" - "රනිල් අදින්නේ ඔය ගෝඨාභයගේ ඉතුරු කොටේ" #npp
03:55
Video thumbnail
"මේ පෙත්සම පිටුපස ආණ්ඩුව ඇති" - "ජනාධිපතිවරණය පැවැත්වෙනවා - වළක්වන්න කාටවත් බෑ" #npp #akd
04:31

?