ශ්‍රී ලංකාව තුළ ඉන්දීය රුපියල භාවිතය ගැන සලකා බලනවා – ඉන්දීය මහ කොමසාරිස්

මෙරට තුළ ආර්ථික ගනුදෙනු සඳහා ඉන්දීය රුපියල යොදා ගැනීමට ඇති හැකියාව පිළිබදව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අධ්‍යනය කරමින් සිටින බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්, ගෝපාල් බාග්ලේ මහතා පවසනවා.

ඉන්දීය මාධ්‍ය අද (06) වාර්තා කළේ මේ සම්බන්දයෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය බැංකු හා ඉන්දියානු රාජ්‍ය බැංකු ආයතන නියෝජිතයන් සමග සාකච්ඡා ද පැවැත්වූ බවයි.

වෙළෙඳ සහ ආයෝජන ක්‍රියාකාරකම් තුළින් දෙරට අතර වඩාත් ශක්තිමත් සහ සමීප සහයෝගීතාවයක් ගොඩනැගීම මෙහි අරමුණ බව ද ඉන්දීය මහකොමසාරිස්වරයා පවසා තිබෙනවා.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගනුදෙනු සඳහා ඉන්දීය රුපියල යොදා ගැනීමෙන් අඩු විනිමය පිරිවැය, වේගවත් සේවාව, වෙළඳ ණය සඳහා පහසු ප්‍රවේශයක් වැනි විවිධ ප්‍රතිලාභ හිමිවන අතර දෙරට අතර වෙළෙඳ සබඳතාවන්ගෙන් සැලකිය යුතු ආදායමක් ලැබෙන බවද ඉන්දීය මහ කොමසාරිස්වරයා පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26