spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ‍්‍රී ලංකාව තවත් ලෙබනනයක් විය හැකියි..- ජනපති

ජනතාව ආකල්පමය වශයෙන් වෙනස් නොවුණහොත් ශ්‍රී ලංකාව තවත් ලෙබනනයක් බවට පත්වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලනයේ සම්මාන උළෙල අමතමිනි.

ජනාධිපතිවරයා එහිදී මෙසේද පැවසීය.

‘මම හිතන විදියට හදිසි නීතිය මේ සති අන්තය වනවිට අවසන්වීමට නියමිතයි. නමුත් එය පමණක් ප්‍රමාණවත් වන්නේ නෑ. අපි ආකල්පමය වශයෙන් වෙනස්වීම අවශ්‍යයි. එසේ කළහොත් ඉන්පසු මේ රටට අනාගතයක් පවතීවි. එසේ නොවුනහොත් අපි තවත් ලෙබනනයක් බවට පත්වෙනවා.

මුදල් අමාත්‍යවරයා ලෙස පත්වු විට මම හඳුනාගත් කරුණක් තමයි විදේශ විනිමය තත්ත්වය සැලකූ විට මම ශ්‍රී ලංකා ජනරජයට වඩා පොහොසතෙකු බව. මගේ නිවසේ තිබෙනවා මා විසින් ඉතිරි කරගත් ඩොලර් දහසක්. ඒ අනුව මම ජනරජයට වඩා දහස් ගුණයකින් පොහොසත්.

ඉතින් දැන් අප කළ යුත්තේ කුමක් ද? අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගින් සාකච්ඡා කරමින් සිටිනවා. කාර්ය මණ්ඩල එකඟතාවයක් සඳහා අවසන් කොන්දේසි සැකසීමට දැන් කණ්ඩායම් දෙකක් සිටිනවා. ණය පැකේජයක් ලබාදීමට සැලසුම්කරන බටහිර සහ චීනය ණය ආපසු ගෙවීම සඳහා අමතර මුල්‍යාධාරයක් ලබාදීමට සුදානම් වීමයි. මෙම ඉලක්කයන් කරා ළඟාවිය හැකි ආකාරය ගැන අප ජපානය සමග සාකච්ඡා කරනවා.

අපි කඩිනමින් ක්‍රියාත්මක වුවහොත් මෙය කෙටිකාලීන වේදනාවක් වෙයි. එහෙත් තවදුරටත් වාද විවාද සිදුකළහොත් සියල්ලන්ටම විඳවීමට සිදුවේවි. අපි නැවතත් පැරණි දේශපාලනමයේ ම ද නිරතව සිටින්නේ පැරණි ක්‍රමය ගෙන ඒමට ද? එයයි ප්‍රශ්නය ?

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?