ශ‍්‍රී ලංකාව තවත් ලෙබනනයක් විය හැකියි..- ජනපති

ජනතාව ආකල්පමය වශයෙන් වෙනස් නොවුණහොත් ශ්‍රී ලංකාව තවත් ලෙබනනයක් බවට පත්වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලනයේ සම්මාන උළෙල අමතමිනි.

ජනාධිපතිවරයා එහිදී මෙසේද පැවසීය.

‘මම හිතන විදියට හදිසි නීතිය මේ සති අන්තය වනවිට අවසන්වීමට නියමිතයි. නමුත් එය පමණක් ප්‍රමාණවත් වන්නේ නෑ. අපි ආකල්පමය වශයෙන් වෙනස්වීම අවශ්‍යයි. එසේ කළහොත් ඉන්පසු මේ රටට අනාගතයක් පවතීවි. එසේ නොවුනහොත් අපි තවත් ලෙබනනයක් බවට පත්වෙනවා.

මුදල් අමාත්‍යවරයා ලෙස පත්වු විට මම හඳුනාගත් කරුණක් තමයි විදේශ විනිමය තත්ත්වය සැලකූ විට මම ශ්‍රී ලංකා ජනරජයට වඩා පොහොසතෙකු බව. මගේ නිවසේ තිබෙනවා මා විසින් ඉතිරි කරගත් ඩොලර් දහසක්. ඒ අනුව මම ජනරජයට වඩා දහස් ගුණයකින් පොහොසත්.

ඉතින් දැන් අප කළ යුත්තේ කුමක් ද? අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගින් සාකච්ඡා කරමින් සිටිනවා. කාර්ය මණ්ඩල එකඟතාවයක් සඳහා අවසන් කොන්දේසි සැකසීමට දැන් කණ්ඩායම් දෙකක් සිටිනවා. ණය පැකේජයක් ලබාදීමට සැලසුම්කරන බටහිර සහ චීනය ණය ආපසු ගෙවීම සඳහා අමතර මුල්‍යාධාරයක් ලබාදීමට සුදානම් වීමයි. මෙම ඉලක්කයන් කරා ළඟාවිය හැකි ආකාරය ගැන අප ජපානය සමග සාකච්ඡා කරනවා.

අපි කඩිනමින් ක්‍රියාත්මක වුවහොත් මෙය කෙටිකාලීන වේදනාවක් වෙයි. එහෙත් තවදුරටත් වාද විවාද සිදුකළහොත් සියල්ලන්ටම විඳවීමට සිදුවේවි. අපි නැවතත් පැරණි දේශපාලනමයේ ම ද නිරතව සිටින්නේ පැරණි ක්‍රමය ගෙන ඒමට ද? එයයි ප්‍රශ්නය ?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06