spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන්ට ජපානය තුළ වැඩි රැකියා අවස්ථාවක්

ශ්‍රී ලංකාවේ පුහුණු ශ්‍රමිකයන් සඳහා ලබන වසර තුළ ජපානයේ වැඩි රැකියා අවස්ථාවක් සැලසීමට මේ වන විටත් කටයුතු ආරම්භ කර ඇති බව ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි පවසනවා.

ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වූ අවස්ථාවේ දී විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

පුනර්ජනනීය බලශක්තිය සඳහා වැඩි නැඹුරුතාවයක් දක්වමින් ශ්‍රී ලංකාවේ අනාගත අයෝජන අවස්ථා සලකා බැලීමට කැමැත්තෙන් සිටින බව ද ජපාන විදේශ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

ජපානයේ ටෝකියෝ නුවර දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි අතර මෙම හමුව සිදුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
52
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?