AFC Banner
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකාවේ පොඩ්ඩොන්ගේ නව නිපැයුම් ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි

විද්‍යාඥයින්ගේ සංගමයේ 80 වැනි සැසිවාරයට සමගාමී ව කොළඹ විශ්වවිද්‍යාලය විසින් පවත්වනු ලබන සමස්ත ලංකා නව නිපැයුම්කරුවන්ගේ පාසල් ශිෂ්‍ය/ ශිෂ්‍යාවන්ගේ තාක්ෂණික ප්‍රදර්ශනය මේ දිනවල පැවැත්වෙනවා.

මෙම ප්‍රදර්ශනය ඊයේ (11) පෙරවරු 9 සිට ආරම්භ වූ අතර එය අද පස්වරුව තෙක් පැවැත්වෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ දියි.

යාපනයේ සිට මාතර දක්වා සියලු පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඔවුන්ගේ නිපැයුම් සමග අයදුම්පත් 2000ක් පමණ එවා තිබූ බවත් ඉන් විශිෂ්ටතම නිර්මාණ 300ක් තෝරාගත් බවත් කොළඹ විශ්වවිද්‍යාලය පවසනවා.

රටක් දියුණු කිරීමට නම් නව නිපැයුම් අත්‍යවශ්‍ය බවත්; ඒවා නිර්මාණය කරන පාසල් සිසු සිසුවියන්ට පූර්ණ සහයෝගය ලබාදීම සිය අරමුණ බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්‍යය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කළේ.

බොහෝ දියුණු රාජ්‍යයන් දියුණු මට්ටමට පැමිණීමේ දී ඔවුන් සතු වූ ඉහළ තාක්ෂණික නිෂ්පාදන ඉවහල් වී ඇති බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශය වැඩිදුරටත් පෙන්වාදෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?