ශ්‍රී ලංකාවේ උපත ලැබූ දමිළ සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පියා දිවි ගමනට සමුදෙයි

ශ්‍රී ලංකාවේ උපත ලැබූ දමිළ සිනමාවේ ජනප්‍රිය ප්‍රහසන රංගන ශිල්පියෙක් වන බොන්ඩා මනි අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ජනප්‍රිය රංගන ශිල්පියා ඊයේ අභාවප්‍රාප්ත වූ බව වාර්තා වන්නේ වකුගඩු ආශ්‍රිත රෝගාබාධයක් හේතුවෙන්. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 60ක්. 1963 වසරේ සැප්තැම්බර් 19 වනදා ඔහු උපත ලබා ඇත්තේ මන්නාරම ප්‍රදේශයේදීයි.

ඉන්ඩියා ටුඩේ විසින් වාර්තා කර ඇත්තේ සෙනසුරාදා රාත්‍රි චෙන්නායි හි පිහිටි ඔහුගේ නිවසේදී ක්ලාන්ත වී රෝහල වෙත ගෙන ගොස් ඇති බවයි. එහිදී සිදු කෙරුණු වෛද්‍ය පරීක්ෂණයෙන් පසු වෛද්‍යවරු රංගන ශිල්පියා මිය ගොස් ඇති බව ප්‍රකාශ කර තිබෙනවා.

එම පුවත්පත් වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ බොන්ඩා මනිගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා පොසිචලූර්හි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති බවයි.

ඔහුගේ අවසන් කටයුතු අද සවස 5ට පමණ ක්‍රොම්පෙට්හි ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතයි.

රංගන ශිල්පියෙක් වන බොන්ඩා මනි පුතෙකු සහ දියණියකගේ පියෙක්.

බොන්ඩා මනි දශක තුනකට ආසන්න කාලයක් චිත්‍රපට 270ක විකට චරිත රඟපා තිබෙනවා.

භාග්‍යරාජ්ගේ පවුන්නු පවුනුදාන් චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඔහු පොන්විලන්ගු, පොංගලෝ පොංගල්, සුන්දර ට්‍රැවල්ස්, මරුදමලෙයි, වින්නර්, වේලායුධම් වැනි චිත්‍රපට කිහිපයකම රඟපා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05
Video thumbnail
ලාල්කාන්ත ගෙදර නිසා විජිත අපහසුතාවයට පත්වෙයි.."පරම්පරාවේ, බිරිඳගේ ඉඩම් විකුණලා ගෙදර හැදුවේ"
01:59
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට හොඳත් කියයි, උපදෙසුත් දෙයි
09:21
Video thumbnail
එක මිටට, දර ළිපට, පොල් කටුවට..ළිපකුත් උස්සගෙන මාධ්‍යයට ආ අසේල..
05:18
Video thumbnail
ජනපතිගේ සහන පැකේජ් එක දයාසිරි ෆ්ලැට් කරයි
09:37
Video thumbnail
ප්‍රසාද් සර් අදත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
09:08
Video thumbnail
යට ඇඳුමේ හිල් තිබ්බට යන්නේ නම් V8 එකේ
03:11