ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර බංගලාදේශයේ මීර්පූර් හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තැවැනි දිනයේ දී සිය පළමු ඉනිමට පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 5ක් දැවී ලකුණු 282ක් ලබාගෙන සිටි.
බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 365යි. දිමුත් කරුණාරත්න ශකීබ් අල් හසන් යැවූ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේ ලකුණු 80ක් ලබා තිබිය දී.ඇන්ජලෝ මැතිවුස් හා ධනංජය සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 102 ශක්තිමත් සබඳතාවයක් ගොඩ නැගීමට සමත් වුවා.
ධනංජය සිල්වා ලකුණු 58යි.ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 58 ලබා ගෙන නොදැවී කඩුල්ලේ රැඳී සිටින අතර පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශ කණ්ඩායමට වඩා ලකුණු 83 පිටුපසින් සිටිනවා.




