spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවෙන් ඇෆ්ගනිස්ථානුවන්ට අභියෝග ගත ඉලක්කයක්

සංචාරක ඇෆ්ගනිස්ථානය සමඟ පැවැත්වෙන දෙවන එක්දින තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 323ක් සිය ලකුණු පුවරුවට එක් කළා.

මෙහිදී ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් ලකුණු 78ක් රැස්කළ අතර, ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ලකුණු 52ක් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක් කිරීමට සමත් වුණා.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට අද කණ්ඩායම එක් වූ සධීර සමරවික්‍රම අර්ධ ශතකය පෙනෙන මානයේ තිබිය දී ලකුණු 44ක දැවී ගියා.

ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට ද එම ඉරණමම අත්වූයේ ලකුණු 43ක් ලබාගෙන සිටිය දී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමත් සමඟයි.

පළමු තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ගැලවුම්කරුවා වූ චරිත් අසලංකට අද තරගයේ දී රැස්කර ගත හැකිවූයේ ලකුණු 06ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිම අවසන් භාගයේ වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ වනිඳු හසරංග සහ ධනංජය ද සිල්වා ලකුණු 29 බැඟින් රැස් කළා.

පන්දු යැවීමේ දී මොහොමඩ් නබි කඩුලු 02ක් සහ ෆරීඩ් අහමඩ් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 02ක් බිඳ දැමීමට සමත් වුණා.

ඒ, අනුව මෙම තරගය ජයග්‍රහණය කිරීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දු 300ක් තුළ ලකුණු 324ක අභියෝග ගත ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?