ශ්‍රී ලංකාවෙන් ඇෆ්ගනිස්ථානුවන්ට අභියෝග ගත ඉලක්කයක්

සංචාරක ඇෆ්ගනිස්ථානය සමඟ පැවැත්වෙන දෙවන එක්දින තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 323ක් සිය ලකුණු පුවරුවට එක් කළා.

මෙහිදී ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් ලකුණු 78ක් රැස්කළ අතර, ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ලකුණු 52ක් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක් කිරීමට සමත් වුණා.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට අද කණ්ඩායම එක් වූ සධීර සමරවික්‍රම අර්ධ ශතකය පෙනෙන මානයේ තිබිය දී ලකුණු 44ක දැවී ගියා.

ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට ද එම ඉරණමම අත්වූයේ ලකුණු 43ක් ලබාගෙන සිටිය දී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමත් සමඟයි.

පළමු තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ගැලවුම්කරුවා වූ චරිත් අසලංකට අද තරගයේ දී රැස්කර ගත හැකිවූයේ ලකුණු 06ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිම අවසන් භාගයේ වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ වනිඳු හසරංග සහ ධනංජය ද සිල්වා ලකුණු 29 බැඟින් රැස් කළා.

පන්දු යැවීමේ දී මොහොමඩ් නබි කඩුලු 02ක් සහ ෆරීඩ් අහමඩ් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 02ක් බිඳ දැමීමට සමත් වුණා.

ඒ, අනුව මෙම තරගය ජයග්‍රහණය කිරීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දු 300ක් තුළ ලකුණු 324ක අභියෝග ගත ඉලක්කයක් හිමිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21