AFC Banner
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකාවට සත්කාරය හොඳටම ලැබෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අදයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අද (29) පස්වරු 1ට මෙරට වේලාවෙන් ඩර්බන් නුවර දී ආරම්භ වනවා.

පෙරේදා (27) තරගය ආරම්භ වූයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වාට හිමිකර දෙමින්.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇරයුමෙන් පළමු ව පිතිකරණයට පැමිණි දකුණු අප්‍රිකාව සියල්ලන් ම දැවී ලකුණු 191ක් ලබාගත්තා.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා වේග පන්දු බලඇණියේ ළහිරු කුමාර හා අසිත ප්‍රනාන්දු කඩුලු 03 බැගින් සහ ප්‍රභාත් ජයසූරිය හා විශ්ව ප්‍රනාන්දු කඩුලු 02ක බැගින් බිඳ හෙලුවා.

ආරම්භයේ සිට ම හොඳ ක්‍රීඩා විලාසයක් පෙන්නූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණයේ නිරුවත දිස්වන්නට වැඩිවේලාවක් ගත වූයේ නැහැ.

මෙම තරගයේදිත් මව්බිමෙන් එතෙර දි ජ්‍යේෂ්ඨ පිතිකරුවන්ගේ වගකීම අමතක කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ගෙන් කමිඳු මෙන්ඩිස් වැනි නවක ක්‍රීඩකයෙකුට හැර සෙසු කිසිවෙකුටත් ලකුණු 10 සීමාව පසුකර යන්නට නම් දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ගෙන් ඉඩකඩ ලැබුණේ නැහැ.

තම ටෙස්ට් දිවියේ හොඳම පන්දු යැවීම සනිටුහන් කළ මාර්කෝ ජැන්සන් ලකුණු 13ක් පමණක් දී ශ්‍රී ලංකාවෙන් කඩුලු 07ක් උදුරාගත්තා.

කොට්සෙ කඩුලු 02ක් සහ එක් කඩුල්ලක් රබාඩාට හිමිවුණා.

ඒ අනුව ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම මව්බිමේ සහ එතෙර ලබාගත් අවම ටෙස්ට් ලකුණකට (ලකුණු 42කට) සියල්ලන්ම දැවී ගියා.

ඉන් අනතුරුව සිය දෙවැනි ඉනිමට පිතිකරණය ඇරඹී දකුණු අප්‍රිකාව ඊයේ දිනයට තරගය නතර කරන විට ශ්‍රී ලංකාවේ පළමු ඉනිමට වඩා ලකුණු 281ක් ඉදිරියෙන් සිටියේ කඩුලු 03ක් පමණක් දැවී.

සිව්වැනි කඩුල්ලට ටෙම්බා බවුමා සමගින් ස්ටබ්ස් පිටියේ රැඳී සිටිනවා.

ප්‍රභාත් ජයසූරියට කඩුලු 02ක් හිමි වූ අතර විශ්වට එක් කඩුල්ලක් හිමිවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
8
+1
1
+1
4
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?