ශ්‍රී පාද වන්දනා සමය සාර්ථකව අවසන්

2022/2023 ශ්‍රී පාද වන්දනා සමය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් සාර්ථකව අවසන් කෙරුණා.

ශ්‍රී පාද උඩමලුවේ තැන්පත් කර තිබූ සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව, දේව ආභරණ හා පූජා භාණ්ඩ පැල්මඩුල්ල රජමහාවිහාරය වෙත වැඩම කිරීම අද සිදු කෙරුණා.

මාර්ග 04 ක් ඔස්සේ පැල්මඩුල්ල රජමහා විහාරස්ථානය දක්වා වැඩම කළ සධාතුක කරඬුව ඇතුළු පූජා භාණ්ඩ හෙට අලුයම තෙක් පැල්මඩුල්ල රජමහාවිහාරයේ තැන්පත් කර පසුව ගල්පොත්තාවල රජමහාවිහාරය දක්වා පෙරහැරකින් වැඩම වීමෙන් අනතුරුව එහි තැන්පත් කෙරෙනවා.

අවාරයේදී ශ්‍රී පාදස්ථානය කරුණා නොකරන ලෙසත් ශ්‍රී පාද වන්දනා සමය සාර්ථක කිරීමට උපකාර කළ සියලු දෙනාට ගෞරවය පිරිනමන බවත් ශ්‍රී පාදස්ථානාධිපති අතිපූජ්‍ය බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න ස්වාමීන්වහන්සේ ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40