spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී පාද වන්දනා සමය සාර්ථකව අවසන්

2022/2023 ශ්‍රී පාද වන්දනා සමය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් සාර්ථකව අවසන් කෙරුණා.

ශ්‍රී පාද උඩමලුවේ තැන්පත් කර තිබූ සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව, දේව ආභරණ හා පූජා භාණ්ඩ පැල්මඩුල්ල රජමහාවිහාරය වෙත වැඩම කිරීම අද සිදු කෙරුණා.

මාර්ග 04 ක් ඔස්සේ පැල්මඩුල්ල රජමහා විහාරස්ථානය දක්වා වැඩම කළ සධාතුක කරඬුව ඇතුළු පූජා භාණ්ඩ හෙට අලුයම තෙක් පැල්මඩුල්ල රජමහාවිහාරයේ තැන්පත් කර පසුව ගල්පොත්තාවල රජමහාවිහාරය දක්වා පෙරහැරකින් වැඩම වීමෙන් අනතුරුව එහි තැන්පත් කෙරෙනවා.

අවාරයේදී ශ්‍රී පාදස්ථානය කරුණා නොකරන ලෙසත් ශ්‍රී පාද වන්දනා සමය සාර්ථක කිරීමට උපකාර කළ සියලු දෙනාට ගෞරවය පිරිනමන බවත් ශ්‍රී පාදස්ථානාධිපති අතිපූජ්‍ය බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න ස්වාමීන්වහන්සේ ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?