ශ්‍රීලනිපයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (11) පස්වරුවේ පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

මෙම විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී නව මහලේකම්වරයා ලෙස සරත් එකනායකගේ පත් කිරීම අනුමත කරගැනීමට ද බලාපොරොත්තු වන බව සඳහන්.

මේ අතර දයාසිරි ජයසේකර මහලේකම් තනතුරින් ඉවත් කිරීමන් පසු එම තනතුර සඳහා පත්කෙරුණු සරත් ඒකනායකට එම තනතුරේ කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් අධිකරණයෙන් නිකුත් කර තිබෙනවා.

නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිය පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි කොළඹ දිසා විනිසුරු සඳුන් විතානගේ මෙම තහනම් නියෝගය නිකුත් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37