spot_imgspot_img

ශ්‍රීලනිපයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (11) පස්වරුවේ පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

මෙම විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී නව මහලේකම්වරයා ලෙස සරත් එකනායකගේ පත් කිරීම අනුමත කරගැනීමට ද බලාපොරොත්තු වන බව සඳහන්.

මේ අතර දයාසිරි ජයසේකර මහලේකම් තනතුරින් ඉවත් කිරීමන් පසු එම තනතුර සඳහා පත්කෙරුණු සරත් ඒකනායකට එම තනතුරේ කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් අධිකරණයෙන් නිකුත් කර තිබෙනවා.

නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිය පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි කොළඹ දිසා විනිසුරු සඳුන් විතානගේ මෙම තහනම් නියෝගය නිකුත් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?