ශ්‍රි ලංකාවේ පලමු බලාපොරොත්තුව සුන් කරමින් ඇෆ්ගනිස්තානයට පෙරළිකාර ජයක්

ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය අතර (30) පැවැති තරගය කඩුලු 7කින් ජයගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්විය.බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට තීරණය කල අතර පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 127ක් රැස් කිරීමට සමත් වුණි.

එහිදී බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් මොසාඩෙක් හොසේන් නොදැවී ලකුණු 48ක් රැස්කළ අතර මහමුදුල්ලාහ් ලකුණු 25ක් රැස් කළා. පන්දු යැවීමේදී මුජීබ් උර් රහ්මාන් සහ රෂීඩ් ඛාන් කඩුලු 3 බැගින් දවාගත්හ.

ලකුණු 128ක ඉලක්කය හඹායාම සඳහා පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දු ඕවර 18යි පන්දු 3ක් තුළ කඩුලු 3ක් දැවී ලකුණු 131ක් ලබා ජයග්‍රහණය වාර්තා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?