spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වෙදආරච්චි පුත්‍රයා තවමත් අතුරුදන් – ජනප්‍රිය ගායන ශිල්පියෙකුගේ සහෝදරයෙකුගේත් සම්බන්ධයක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත, බැදිගම පිවිසුමේදී පසුගිය පළමුවනදා පොලිස් නිලධාරින් දෙදෙනෙකු සමඟ ගැටුමක් ඇතිකරගත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ පුත් රවිඳු වෙදආරච්චි සහ ඔහුගේ බිරිඳ තවමත් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ලැබී නැහැ.

මේ අතර සැකකාර රවිඳු වෙදආරච්චි සහ ඔහුගේ බිරිඳ අධිවේගී මාර්ගයේ ගමන් ගැනීම සඳහා පැමිණි කැබ් රථය ඊයේ (03) පස්වරුවේ පොලිසිය විසින් සොයා ගත්තා.

ඒ, මාතර, වල්ගම ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදීයි.

මාතර පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව මෙම කැබ් රථය සොයාගත් අතර අදාල කැබ් රථය සඟවා තිබූ නිවස ජනප්‍රිය ගායන ශිල්පියෙකුගේ සහෝදරයෙකුට අයත් නිවසක් බවට හඳුනාගෙන තිබෙනවා.

මේ අතර සැකකාර රවිඳු වෙදආරච්චි සහ ඔහුගේ බිරිඳට සැඟව සිටීමට නවාතැන් දුන් මාතර, බතලවත්ත ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි කාන්තාවක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?