වෙදආරච්චි පුත්‍රයා තවමත් අතුරුදන් – ජනප්‍රිය ගායන ශිල්පියෙකුගේ සහෝදරයෙකුගේත් සම්බන්ධයක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත, බැදිගම පිවිසුමේදී පසුගිය පළමුවනදා පොලිස් නිලධාරින් දෙදෙනෙකු සමඟ ගැටුමක් ඇතිකරගත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ පුත් රවිඳු වෙදආරච්චි සහ ඔහුගේ බිරිඳ තවමත් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ලැබී නැහැ.

මේ අතර සැකකාර රවිඳු වෙදආරච්චි සහ ඔහුගේ බිරිඳ අධිවේගී මාර්ගයේ ගමන් ගැනීම සඳහා පැමිණි කැබ් රථය ඊයේ (03) පස්වරුවේ පොලිසිය විසින් සොයා ගත්තා.

ඒ, මාතර, වල්ගම ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදීයි.

මාතර පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව මෙම කැබ් රථය සොයාගත් අතර අදාල කැබ් රථය සඟවා තිබූ නිවස ජනප්‍රිය ගායන ශිල්පියෙකුගේ සහෝදරයෙකුට අයත් නිවසක් බවට හඳුනාගෙන තිබෙනවා.

මේ අතර සැකකාර රවිඳු වෙදආරච්චි සහ ඔහුගේ බිරිඳට සැඟව සිටීමට නවාතැන් දුන් මාතර, බතලවත්ත ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි කාන්තාවක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14