spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වෙදආරච්චිගේ පුත්‍රයා සහ ලේලිය අද පොලිසියට

අද (06) දිනයේදී තම පුත්‍රයා සහ ලේලිය පොලිසියට ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සමඟ පසුගියදා ඇති වූ උණුසුම් වචන හුවමාරුව සම්බන්ධයෙන් රවිඳු වෙදආරච්චි සහ ඔහුගේ බිරිඳ මේ වනවිට පොලිසිය සොයමින් සිටිනවා.

සිද්ධිය සිදුවූ දිනයේ ඔවුන් දෙදෙනා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කිරීමට පැමිණි කැබ් රථයද මාතර, වල්ගම ප්‍රදේශයේ නිවසක සඟවා තිබිය දී පසුගිය 03 වනදා පොලිස් කණ්ඩායමක් විසින් සොයා ගත්තා.

මේ අතර ඔවුන් දෙදෙනාට සැඟව සිටීම සඳහා නවාතැන් පහසුකම් දුන් බවට සැකකෙරෙන කාන්තාවක් ද එදිනම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?